තමන් ජනපති නායකත්වය යටතේ පවතින ශ්රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ලෙස අද (08) පැවැත්වෙන 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ දී විපක්ෂයේ අසුන් ගන්නා බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායම පවසනවා.
අද දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සභාව ඇමතීමෙන් අනතුරුව හෙට (09) දක්වා පාර්ලිමේන්තුව යලි කල් තැබීමට නියමිත බවත් ඒ හේතුවෙන් 16 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් හෙට දිනයේ ප්රකාශයක් කිරීමට සිය කණ්ඩායම කථානායක කරූ ජයසූරිය මහතාගෙන් අවසර ඉල්ලූ බවයි පාර්ලිමේන්තු මන්ත්රී එස් බී දිසානායක කියා සිටියේ.
