මාස එකහමාරක් ඇතුළතදී නඩුවක් අවසන් කොට තීන්දුව ලබාදිය හැකි අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

මාස එකහමාරක් ඇතුළතදී නඩුවක් අවසන් කොට තීන්දුව ලබාදිය හැකි අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
Spread the love
සති හතරක් හෝ සති හයක් ඇතුළතදී නඩුවක් අවසන් කොට තීන්දුව ලබාදිය හැකි අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවැසුවාය.
මෙම අධිකරණයේ විනිශ්චයකාරවරු පත්කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අග්‍රවිනිශ්චයකාරවරයාට පැවැරී ඇත. මෙම අධිකරණය පිහිටුවීමේ අරමුණ දූෂණ, වංචා සම්බන්ධයෙන් පවරන නඩු සම්බන්ධයෙන් ඉක්මනින් තීන්දු තීරණ ගෙන දඬුවම් දීම හා අදාළ මුදල් අයකර ගැනීම බව අමාත්‍යවරිය කියා සිටියේය. නීතියේ ගැටලුවක් නොවන්නේ නම් මෙම අධිකරණය හරහා එක දිගට නඩුව විමසා මාසයක් ඇතුළත වුවද නඩුව අවසන් කොට තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇත. රටේ පවතින නීතියට එකඟව තීන්දු තීරණ ගන්නා මෙම අධිකරණ පද්ධතියට කිසිදු ආකාරයකට දේශපාලන අධිකාරිය මැදිහත් නොවන බව තලතා අතුකෝරළ අමාත්‍යවරිය පැවැසුවාය.
කුමන නඩුව ප්‍රථමයෙන් විමසනවාද යන්න සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය මැදිහත් නොවන බවද ඇය කියා සිටියාය. ස්වාධීන අධිකරණ පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන මෙම නව අධිකරණය තුළ විමසන ප්‍රථම නඩුව බැඳුම්කර සම්බන්ධ නඩුව විය හැකි බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේය.