සමෘද්ධිලාභීන් තේරීමට මෙතෙක් සමෘද්ධි සංවර්ධන නිලධාරියා සතුව පැවැති තනි බලය දිසාපතිවරයා හරහා ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැවරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
දිවයින පුරා විසිරී සිටින ලක්ෂ 14 ඉක්ම වන සමෘද්ධිලාභීන්ගේ හිමිකම් පිළිබඳ ව සුදුසුකම් මුල සිට පරීක්ෂා කිරීමටද රජය තීරණය කර තිබේ.
රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ සියලු සුදුසුකම් තිබියදී සමෘද්ධිය නොලැබෙන බවටත් අවම සුදුසුකම්වත් සපුරා නැති අය සමෘද්ධි දීමනා ලබන බවටත් විවිධ පාර්ශවවලින් ලැබෙන පැමිණිලි දස දහස් ගණනක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසුවය.
දේශපාලන බලපෑම් මත දිගු කලක් තිස්සේ සමෘද්ධි දීමනා අහිමි කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල සාමාජිකයින් ලක්ෂ දෙකකට අධික පිරිසකගේ පැමිණිලි මේ වන විට අදාළ ස්ථානවලට යොමු වී තිබේ.
සමෘද්ධි විෂය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමත් සමඟම සමෘද්ධි හිමිකම් දීමේදී ඇති වු සියලු අසාධාරණකම් නිවැරදි කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති පී.හැරිසන් මහතාට උපදෙස් දී තිබේ.
සමෘද්ධි අරමුදල් පරිහරණය කිරීමේ දී සිදු ව තිබෙන මහා පරිමාණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා සමෘද්ධි විෂය අගමැති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ද අගමැතිවරයා දුන් උපදෙස් වල සඳහන් වේ.

