ද්විත්ව පුරවැසිභාවය දරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5ක් දොට්ට..

ද්විත්ව පුරවැසිභාවය දරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5ක් දොට්ට..
Spread the love

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට සිය මන්ත්‍රීධුරවලින් ඉවත් වීමට සිදුව තිබේ.

එරට මහාධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවක් මත ඔවුන්ට මන්ත්‍රීධුරවලින් ඉවත් වීමට සිදුව ඇති බව ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්තා කළේය.

ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසිභාවය දරණ පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරීමේ හැකියාවක් නැහැ.

මේ හේතුවෙන්  පසුගිය වසරේදි පමණක් මන්ත්‍රීවරුන් දස දෙනෙකුට සිය ධුරවලින් ඉල්ලා අස් වීමට සිදුවිය.