මගෙන් වෙච්ච වැරැද්දට ජනාධිපතිතුමනි මට සමාවෙන්න.. ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනී

මගෙන් වෙච්ච වැරැද්දට ජනාධිපතිතුමනි මට සමාවෙන්න..  ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනී
Spread the love

පසුගිය දිනවල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කිරීම සම්බන්ධයෙන් වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (09දා) ජනාධිපතිවරයාට ආචාර කොට සමාව ගෙන ඇත.

ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ නිල කාමරයට ගොස් සරත් ෆොන්සේකා මහතා එසේ සමාව ඉල්ලා ඇත.

තමන්ට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා විරුද්ධ වූ බව පසුගිය 4 වැනිදා වනජීවී අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

එමෙන්ම පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීම ගත් වැරැදි තීරණයක් බවද එහිදී සඳහන් කළ සරත් ෆොන්සේකා මහතා හිටපු ජනාධිපතිනියටවත් ජනාධිපතිවරයා මාස 3ක් තිස්සේ මුණගැසීමට හෝ අවස්ථාවක් ලබා දී නොමැති බවද පැවැසීය.

ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ එවැනි කරුණු සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා එහිදී සමාව ඉල්ලා ඇති බවයි.

මේ අවස්ථාවට සරත් ෆොන්සේකා මහතා සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ, තලතා අතුකෝරාල සහ රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමැතිවරුන්ද එක්ව තිබේ.

කතා කිරීමේදී ආණ්ඩුව ආරක්ෂා කිරීම කියන කාරණය සිතේ තබා ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ බවද වාර්තා වේ.