අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඊයේ රැස්වූ කැබ්නට් මණ්ඩලයේදී තීරණය කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරනවා.
ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක මිල රු. 20 කින්ද, භූමිතෙල් ලීටරයක මිල රු. 40 කින්ද සහ ඩිසල් ලීටරයක මිල රු. 9/= කින්ද ඉහළ දැමෙනු ඇති බව පැවසෙනවා
මේ අනුව නවතම ඉන්ධන මිල වන්නේ පෙට්ට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රු. 137/-, පෙට්ට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රු. 148/-, ඔටෝ ඩිසල් ලීටරයක් රු. 109/-, සුපර් ඩිසල් ලිටරයක් රු. 119/- සහ භූමිතෙල් ලීටරයක් රු. 101/- වනු ඇති.
මිට අමතරව ඉකුත් සති දෙක තුලදී කිලෝග්‍රෑම් 12.5 ක් බරැති ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 245 කින්ද, කිරිපිටි කිලෝවක මිල රු. 50 කින්ද ඉහළ දැමීමට තීරණය වුනා.

