මම වැරැද්දක් කරලා තියෙනවා නම් මට හෙණ ගහන්න ඕනේ – සංවේදී වු සජිත්ගෙන් ප්‍රකාශයක්..

මම වැරැද්දක් කරලා තියෙනවා නම් මට හෙණ ගහන්න ඕනේ – සංවේදී වු සජිත්ගෙන් ප්‍රකාශයක්..
Spread the love

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු එළාර රජුගේ විජිතපුර ආරක්ෂක බලකොටුවට අයත් පරිවාර බලකොටුවක් වන බැලුම්ගල නැමති ඓතිහාසික ස්ථානය ඩෝසර් කර විනාශ කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන්  සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාටද බොහෝ චෝදනා එල්ල වුනා. 

ඒ අනුව තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඊයේ (09) කොළඹ දි මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ  තම ජීවිත කාලය පුරා එක් දිනක හෝ තමන් නිධාන කැඩුවේ නම් තමනට හෙන ගැසිය යුතු බවත් වාහනය අඩියක් යන්නට පෙර තමන් මැරී වැටිය යතු බවත්ය.

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ මෙරට බුද්ධ ශාසන අමාත්‍යංශයක් ඇති කලේ තම පියා ජනාධිපති වූ යුගයේදී බවත් ඔහුගේ පුතා වන තමන් එවැනි අපරාද වලට සම්බන්ධ නොවන බවත්ය.

 

YOU MAY AL