විගණන පනත් විවාදය තවදුරටත් කල් යයි

විගණන පනත් විවාදය තවදුරටත් කල් යයි
Spread the love
ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම තවදුරටත් කල් යයි. 
 එම පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද එම විවාදය කල් දමා ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේය.
පෙරේදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බවත් ජාතික විගණන පනත කඩිනමින් විවාදයට ගන්නැයි කථානායක කරු ජයසූරිය මහතා ද ඉල්ලීමක් කර ඇති පසුබිමකදී බවත් ඔහු සඳහන් කළේ ය.
ජාතික විගණන පනතේ ඇතැම් වගන්ති සංශෝධනය විය යුතු බවට රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ඇති බැවින් ඔවුන්ගේ ඉල්ලීම අනුව එම විවාදය කල් දැමූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ය.