ඔයාලත් බැන්නද?දැකලා නැත්නම් බලාගන්න මේක තමයි ලංකාවේ ලස්සනම රණවිරු ස්මාරකය…

ඔයාලත් බැන්නද?දැකලා නැත්නම් බලාගන්න මේක තමයි ලංකාවේ ලස්සනම රණවිරු ස්මාරකය…
Spread the love

මිට වසර 2කට පමණ ඉහතදී කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීම නිසා රණවිරු ස්මාරකයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලා තුල දැඩි විරෝධයක් එල්ල විය.බොහෝ දෙනා වත්මන් රජයට මේ පිලිබදව චෝදනා එල්ල විය.නමුත් සිදුවී තිබෙන්නේ වෙනත් දෙයකි.මේ ඒ පිළිබද පුවතයි.

කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත්කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙන අතර වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවති කුරුණෑගල, මාළිගා පිටිය කි‍්‍රඩාංගණය අසළම ඉදිකර තිබෙන මෙහි සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කර තිබේ.කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත්කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙන අතර වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවති කුරුණෑගල, මාළිගා පිටිය කි‍්‍රඩාංගණය අසළම ඉදිකර තිබෙන මෙහි සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කර තිබේ.

රණවිරු අභිමානය සුරැකෙන පරිදි පෙර පැවැති ස්මාරකයට වඩා අභිමානවත් සහ වයඹ පළාතේ දිවිදුන් සියලූ රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත් වන පූර්ණ ස්මාරකයක් ලෙස මෙය ඉදිකර තිබෙන අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 27 කි. ඉතා පැහැදිලි ලෙසම මාර්ග සංවර්ධන කටයුතු සදහා ඉඩ ලබාගැනීමේ ප‍්‍රමුඛ අවශ්‍යතාවය මත මෙම රණවිරු ස්මාරකය තාවකාලිකව ඉවත් කිරීම සිදුවුව ද රජය විසින් රණවිරුවන් අමතක කර දමා ඔවුන්ගේ ස්මාරක බිද හෙළන්නට පටන්ගෙන ඇති බව සදහන් කරමින් එයට දේශපාලනික මුහුණුවරක් ලබාදෙන්නට යම් පිරිසක් උත්සාහ කළ අයුරු පසුගිය සමයේ දක්නට ලැබුණි. එමෙන්ම මීට විරෝධය පළ කරමින් එම ස්ථානයේ උද්ඝෝෂණ කිහිපයක් පවා පැවැත්වුණු අතර 2016 වසරේ අගෝස්තු 31 වන දින උත්සවයක් සදහා සහභාගීවීමට කුරුණෑගලට පැමිණි ජනාධිපතිතුමා මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ වහාම වඩාත් නිර්මාණශීලි රණවිරු ස්මාරකයක් එම ස්ථානයේ ඉදිකරන බවට ලබාදුන් පොරොන්දුව මත මෙම රණවිරු ස්මාරකය ඉදිකිරීම සදහා 2016 නොවැම්බර් 30 වනදා මුල්ගල් තැබිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට කටයුතු කරනවා මිස කිසිදු අවස්ථාවක රණවිරුවන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බවයි.එබැවින් රණවිරුවන් පිළිබද රජයට තිබෙන සියලූ චෝදනා දැඩිව ප‍්‍රතික්ෂේප කරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම සියලූ චෝදනා කුමන්ත‍්‍රණකාරී ලෙස රජය අපහසුතාවයට පත් කිරීමට සිදුකරන ප‍්‍රකාශ බව ද කියා සිටියේය.රණවිරු දඩයමක් පිළිබද ඇතැමුන් රජයට චෝදනා කළද සැබෑ ලෙසම රණවිරු දඩයම සිදුකළේ පසුගිය රජය විසින් බවත්, වත්මන් රජය විසින් අන්තර්ජාතික සහයෝගීතාවය තුළ රණවිරුවන්ගේ අභිමානය සුරැකීමට උපරිමයෙන් කටයුතු කළ බවත් සදහන් කළ ජනාධිපතිතුමා එදා දේශපාලන වේදිකාවේ කථා කළ විදුලි පුටුවෙන් මෙන්ම, අපගේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නඩු ඇසීමට විදේශීය විනිසුරුවරුන් ගෙන ඒම නවතා දැමුවේ වත්මන් රජය බව අමතක නොකළ යුතු බවද කියා සිටියේය. හමුදාවේ සිටි ඇතැමුන් වෙනත් යම් යම් සිදුවීම පිළිබද පරික්ෂණ පැවැත්වීම සදහා අත්අඩංගුවට ගැනීමට සිදුවුවද එය රණවිරු දඩයමක් නොවන අතර, රට ජාතිය වෙනුවෙන් යුද වැදුනු කිසිදු රණවිරුවෙකුට කිසිදු හානියක් සිදුකර නොමැති බවත්, ඔවුන්ට ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබාදීමට වත්මන් රජය කටයුතු කළ බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේය.

වයඹ පළාත් සමූපකාරිකයින් විසින් රණවිරු සුබසාධන අරමුදල හරහා ස්මාරකයේ ඉදිකිරීම් වෙනුවෙන් පිරනමන ලද මුල්‍ය ප‍්‍රදානයට අදාළ චෙක්පත  පළාත් සමූපකාර අමාත්‍ය පියසිරි රාමනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.  ජනාධිපතිතුමා  එම චෙක්පත වයඹ පළාත්  ප‍්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.