උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරුද්ධ පොල්ගම්පොලව රාජ්ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත්කිරීමෙන් අනතුරුව එම පත්කිරීමට දැඩි ලෙස විවේචන එල්ලවීමෙන් පසුව දින කිහිපයක් තුළ ජනපතිවරයා ඔහුව තනතුරෙන් ඉවත් කළ අතර ඔහුට පෙර රාජ්ය දැව සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ පී. දිසානායකද රුපියල් මිලියන 20 ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට පත්විය.
