පවතින ආපදා තත්ත්වය පිළිබඳව සහ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් අද(22) දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඊයේ(21) කථානායකවරයාගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළ අතර අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භයේ දී එම විවාදය සඳහා අවස්ථාව ලබාදෙන ලෙසෙ ඒකාබද්ධ විපක්ෂ ඉල්ලීමක් කර ඇත.කෙසේවෙතත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දහවල් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
