මල් වගාකරුවන්ගේ ගැටළු විසදගන්න ග්‍රාමශක්ති වැඩසටහන යටතේ හේලිස් සමාගමෙන් අත්වැලක්…

මල් වගාකරුවන්ගේ ගැටළු විසදගන්න ග්‍රාමශක්ති වැඩසටහන යටතේ හේලිස් සමාගමෙන් අත්වැලක්…
Spread the love

ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (21) සිදුවිය.

මල් වගාකරුවන්ට ගැටලූවක්ව පැවති ස්ථාවර මිලක් සහ නව වෙළෙදපොළක් සොයා ගැනීමට මෙම ගිවිසුම මගින් හේලීස් සමාගම ඉදිරිපත්ව ඇත.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම  (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදි ජනාධිපතිතුමා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබිණි.