ඔළු ගෙඩි ටිකක් එහාට මෙහාට වුණාට වැඩක් නැහැ… එ.ජා.ප. නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි

ඔළු ගෙඩි ටිකක් එහාට මෙහාට වුණාට වැඩක් නැහැ… එ.ජා.ප. නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි
Spread the love
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවට පාක්ෂිකයා බලා‍පොරොත්තු වන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.
ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ඇගැයීම් සම්මන්ත්‍රණය පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්  මයන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළ අතර පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන විශාල බලා‍පොරොත්තු ඇති බවත් මීට වඩා වෙනසක් ඇති කරයි කියලා පාක්ෂිකයා බලිපොරොත්තු වූ බවත් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කලේය.
බලා‍පොරොත්තු වූ වෙනස සිදුවුණේ නැහැ. ඔළු ගෙඩි ටිකක් එහාට මෙහාට වුණාට වැඩක් නැහැ. කනගාටුයි යනුවෙන්ද පැවැසූ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රාහී ගමනක් සඳහා ගෙන යා හැකි වෙනසක් සිදුවුණේ නැතැයි ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සඳහා අප ගෙන ගිය අරගලය අවසන් වී නොමැති බව එහිදී මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.