දෙහිවල පොහොට්ටු මන්ත්‍රිගේ ඝාතනය පිටුපස කුඩු පටලැවිල්ලක්.. පාතාලයේත් සම්බන්ධයක්…

දෙහිවල පොහොට්ටු මන්ත්‍රිගේ ඝාතනය පිටුපස කුඩු පටලැවිල්ලක්.. පාතාලයේත් සම්බන්ධයක්…
Spread the love

රත්මලාන ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ දී සිදු වූ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටිය දී මරණයට පත් විය.

එසේ මියගියේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ය.

සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමග කතා කරමින් සිටිය දී නාගරික මන්ත්‍රීවරයා එසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12ක් පමණ දක්නට ඇතැයි පොලීසිය පවසයි.

පළමු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මරණකරු දිවගොස් ඇති අතර ඔහු එළවා ගොස් නැවත වෙඩි තබා ඇති බව වාර්තා වේ.

මියගිය නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාගේ වැඩි මහල් පුත් හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා පැවසුවේ මෙම වෙඩි තැබීම රත්මලාන ප්‍රදේශයට ව්‍යසනයක්ව පවතින කුඩු ව්‍යාපාරය මෙහෙයවන කුඩු අංජු නමැත්තා විසින් සිදු කළ බවයි.

රත්මලාන ප්‍රදේශයේ සිදු කරන කුඩු ව්‍යාපාරයට එරෙහිව කිසිවකු නැගී නොසිටි අවස්ථාවක ඔහු සහ පියා ඊට එරෙහිව නැගී සිටීමට විරුද්ධව මෙම ඝාතනය සිදු කළ බව සාවිත්‍ර ද සිල්වා පවසා ඇත.

මීට පෙර ද කුඩු අංජු සහ ඔහුගේ සහෝදරයාවන කුඩු ලංසියා නමැත්තා තමන් ඝාතනයට කිරීමට උත්සහ කළ බව ඔහු පවසයි.

රත්මලාන ප්‍රදේශයේ සිදු කරන කුඩු ජාවාරම පිළිබඳ තමන් සහ පියා පොලිසයට පැමිණිලි කළ බවත් ඊට පසු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔවුන්ගේ (කුඩු ලංසියාගේ සහ කුඩු අංජුගේ) ජාවාරම වැටලු බවත් ඉන් අනතුරු ව තම පවුල සමග මේ පුද්ගලයින් වෛර බැඳගත් බව හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා හෙළි කරයි.

ඒ හේතුවෙන් ඉකුත් ජනවාරි 03 වැනි දා වෙඩි තබා තමන්ව ඝාතනය කිරීමට මේ පිරිස උත්සහ කළ බවත් එම උත්සය එම මොහාතේ අසාර්ථක වූ බවත් ඔහු පවසයි.

අනතුරුව තමන් වෙනුවට සිය පියා මේ පුද්ගලයින්ගේ ගොදුරක් බවට පත් වූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.