හිටපු ඇමති දයාසිරි බැංකු රථගාලේදී අල්ලස් ගනී.. ආරක්ෂක නිලධාරියා සියල්ල හෙලිකරයි…

හිටපු ඇමති දයාසිරි බැංකු රථගාලේදී අල්ලස් ගනී.. ආරක්ෂක නිලධාරියා සියල්ල හෙලිකරයි…
Spread the love

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින දයාසිරි ජයසේකර මහතාගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට අද (24) දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී ආරක්‍ෂකයාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගනිද්දී ඔහු මේ බව අනාවරණය කොට ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අදාළ මන්ත්‍රීවරයාගේ නම නඩු වාර්තාවේ සඳහන් කොට ඇතත් එම නම විවෘත අධිකරණයේදී නොපවසන බවද පැවසීය.

රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනයේදී මන්ත්‍රී ආරක්‍ෂකයා විසින් මාරුකළ බව කියන චෙක් පත සොයාගෙන ඇති බවත් එහි මන්ත්‍රී ආරක්‍ෂකයාගේ අත්සන ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.