ටෙස්‌ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට පෙරේදා (24දා) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක් විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ගොනාකෝවිලේ රෝහණ නමැනි පාතාල නායකයා සහ ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයා අතර කාලයක පටන් ගැටුම් හටගෙන තිබූ අතර ඒ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇත්දැයි පොලිසිය සැක පහළ කරයි. ගොනාකෝවිලේ රෝහණ සහ රන්ජන් ද සිල්වා අතර හිතවක්‌කමක් තිබූ බවත් රෝහණ ඇතුළු කල්ලියට රැකවරණය ලබා දීමට රන්ජන් මහතා කටයුතු කර තිබූ බවත් පොලිසිය වෙත තොරතුරු ලැබී තිබිණි. මීට ඉහත අවස්‌ථා කිහිපයකදීම රත්මලානේ දී පාර්ශ්ව කිහිපයක් සමග රන්ජන් ද සිල්වා අතර ගැටුම් හටගෙන තිබූ අතර මෙම ඝාතනය පිටුපස ඒ කණ්‌ඩායම් සිටින්නේදැයි යන්න පිළිබඳවද පොලිසිය සොයා බලාගෙන යයි.
තිදරු පියෙකු වන රංජන් සිල්වාගේ බාල පුතු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මවුබිමට අභිමානයක් ගෙන එද්දි ඔහුගේ වැඩිමහල් පුතු සාවිත්‍ර රමාල් ද සිල්වාද මින් පෙර කතාබහට ලක්වූ චරිතයක් ශ්‍රී ලංකාවේ ලබාලතම නාගරික මන්ත්‍රීවරයා ලෙස දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කළ සාවිත්‍ර ද සිල්වා 2015 ජනාධිපතිවරණයේදි සිදු කළ ක්‍රියාවක් කතාබහට ලක්වූවා 2015 ජනාධිපතිවරණය සමයේ එවකට එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට පොදු විපක්ෂයට පැමිණීමට සාවිත්‍ර ද සිල්වා එජාපයේ මාධ්‍ය හමුවකට සහභාගී වූවා.
මේ සදහා එවකට කොළඹ දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ ඇතුලු පිරිසක්ද සහභාගීව සිටියා කෙසේ වෙතත් එජාප මාධ්‍ය හමුවේදි තමන් පක්ෂය මාරු නොකරන බවටත් ජනාධිපතිවරයා පාවා දීමටත් නොහැකි බව කියමින් සාවිත්‍ර ද සිල්වා මාධ්‍ය හමුවෙන් නැගිට ඒම අතිශය කතාබහට ලක්වූවා.
2015 ජනපතිවරණය සමයේ සාවිත්‍ර ද සිල්වා සහභාගී වූ මාධ්‍ය හමුව පහතින්

