උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වීමට නියමිතය.
වත්මන් රජය බලයට පත්විමෙන් අනතුරුව උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් නැවත පදිංචි කිරිම්, නිවාස ඉදිකිරිම්, ඉඩම් මුදාහැරීම්, රැකියා සහ යටිතල පහසුකම් සැපයීම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති අතර එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සහ ඒවායේ පවතින අඩුපාඩු සමාලෝචනයට භාජනය කිරිම් අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.
ඒ අනුව අද පෙරවරුවේ යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවකට ද සහභාගී වීමෙන් පසු අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චිය ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරික්ෂණය කරන අතර පසුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැතිවෙන සාකච්ඡාවකට එක්විමට නියමිතය.
මෙම සාකච්ඡා සඳහා මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් එක්වීමට නියමිතය.
