ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සත්කාරකත්වය දරන තරගාවලියන්හි ශ්‍රී ලංකාවේ තනතීරූ ඉන්දීය බුකිකරුවන්ගේ අවශ්‍යතාවය මත සකසා තිබෙන බවට හෙළිව තිබේ. අල් ජසීරා මාධ්‍යය මගින් සිදු කළ විමර්ෂණයකින් මේ බව හෙළිකරන අතර ගාල්ල ක්‍රීඩාංගනයේ තනතීරූව මෙලෙසින් බුකිකරුවන්ගේ අවශ්‍යතාවය මත සැකසී තිබෙන බව කියවේ.
මෙහිදි ගාල්ල ක්‍රීඩාංගණයේ නියෝජ්‍ය කළමණාකරු ලෙසින් කටයුතු කළ තරංග ඉන්දික නැමැත්තා බුකිකරුවන් ලෙසින් පෙනි සිටි අල් ජසීරා මාධ්‍යවේදීන්ට පවසන්නේ මින් කිහිපවතාවක්ම තමන් මෙලෙසින් තනතීරූව බුකිකරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කළ බවය.
පසුගිය ඉන්දීය තරගාවලියේදී තමන් පිතිකරුවන්ට හිතැති තනතීරුවක් සකස් කළ බවද එම තරගයේදී ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්වූ බවත් තරංග ඉන්දික පවසනවා.
2017 වසරේ ජුලි මස 26 සිට 30 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි මෙම තරගය පැවති අතර ඉන්දීය කණ්ඩායම තරගය ලකුණු 304කින් ජය ගත්තේය. මෙහිදි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ප්‍රථම ඉනිමට ලකුණු 600ක විශාල ලකුණු ගණනක් රැස් කිරීම විශේෂත්වයකි. මෙම තනතීරූවෙන් ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ට කිසිදු සහයක් නොලැබීමද කතාබහට ලක්විය.
මේ අනුව ශ්‍රී ලංකාව අන්ත පරාජයට ලක්වූ මෙම තරගයේ ප්‍රතිඵලය බුකිකරුවන්ගේ බලපෑමට ලක්ව තිබෙන බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සිදුවීමට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් සිය තනතුරු වලින් නෙරපා තිබෙන බව සදහන්.
ගාල්ල ක්‍රීඩාංගනයේ නියෝජ්‍ය කළමණාකරු තරංග ඉන්දික

සිදුවීම පිළිබද අල් ජසීරා නිකුත් කර තිබෙන වීඩියෝව,

