20% බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට එජාපය කරගහලා – මල පැනපු වියත් මඟ රෙදි ගලවා ගනියි….

20% බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට එජාපය කරගහලා – මල පැනපු වියත් මඟ රෙදි ගලවා ගනියි….
Spread the love
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීමේ අරමුණින් යුතුව අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගෙනයන ප්‍රචාරක මෙහෙයුමේ පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ‘වියත් මඟ’ සංවිධානයේ ප්‍රධානියකු පැවසිය.
ජනාධිපති අපේක්ෂත්වය සම්බන්ධයෙන් වියත්මග සංවිධානයේ විශ්‍රාමික හමුදා සාමාජිකයින්  හා පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් අතර මත ගැටුමක් හට ගෙන ඇති බවටත් එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වනවිට ක්‍රියාත්මක ප්‍රචාරක මෙහෙයුමට බැසිල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගේ සහය ලැබී ඇති බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන රාවය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ‘වියත් මඟ’ ප්‍රකාශකයා එ් බව සඳහන් කළේය. 
ඔහුගේ නම හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටි එම ප්‍රකාශකයා, බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා වූ  වැඩපිළිවෙලක් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් විසින් මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඔවුන් මංගල සමරවීර මහතාගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ‘වියත්මග’ට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් පැවසිය.
මංගල සමරවීර මහතාගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකු බැසිල් රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන බවද ඔහු අවධාරණය කර සිටියේය.