ලෝක දුම්වැටි විරෝධි දිනය නිමිත්‌ත‌ෙන් අද දුම්වැටි අලෙවි කිරීම තහනම්…

ලෝක දුම්වැටි විරෝධි දිනය නිමිත්‌ත‌ෙන් අද දුම්වැටි අලෙවි කිරීම තහනම්…
Spread the love

ලෝක දුම්වැටි විරෝධි දිනය අදට (31) යෙදී තිබෙනවා.

දුම්වැටියට හුරුවී සිටින තැනැත්තන්ට දුම්වැටිය අතහැරීමට අද හොඳම දිනය බවයි ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇඩික් ආයතනයේ, අධ්‍යක්‍ෂ – මානව සංවර්ධන, සම්පත් ද සේරම් පැවසුවේ. 

ලෝක දුම්වැටි විරෝධි දිනය යෙදෙන අද දුම්වැටි අලෙවියෙන් වළකින ලෙස සියලූ අලෙවිකරුවන්ගෙන් ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

දුම්වැටි වෙනුවෙන් ශ‍්‍රී ලාංකිකයින් දිනකට වැය කරන මුදල් රුපියල් ලක්ෂ 3800ක් පමණ බවද ඒ අනුව දුම්වැටි භාවිතයෙන් ඉවත් වුවහොත් රුපියල් ලක්ෂ 3800ක් දිනපතා ඉතිරි කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.