අසත්‍ය පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. ඒ වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරිමෙන් පසු පැවති උත්සවයේදීය.
රට තුළ මතු වී එන පතාල කණ්ඩයම් මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයිද පොලිස්පතිට උපදෙස් දුන් බව ඔහු මෙහිදී පැවසුවා.
අධිකරණ අමාත්‍යාංශය මගින් අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 275 ක වියදමින් වත්තල නව අධිකරණ සංකීර්ණය ඉදිකර තිබෙනවා.
ඇමතිනි තලතා අතුකෝරළ, අමාත්‍ය ජොන් අමරතුංග, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, නීතිපති ජයන්ත ජයසූරිය ඇතුළු නීති ක්ෂේත්රයේ ප්‍රවිණයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.









