රට ව‍ෙනුව‍ෙන් සංධානය ශක්තිමත් කර එජාපය ග‍ෙදර යවන්න ජනපති ම‍ෛත්‍රි සටන‍ට එක්ව‍ෙයි.

රට ව‍ෙනුව‍ෙන් සංධානය ශක්තිමත් කර එජාපය ග‍ෙදර යවන්න ජනපති ම‍ෛත්‍රි සටන‍ට එක්ව‍ෙයි.
Spread the love

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරලීම සඳහා වූ යෝජනා සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහි සාමාජික පක්ෂවලට දැනුම් දී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ දැනුම් දී ඇත්තේ පෙරේදා (30දා) රාත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

එම යෝජනා එජනිස මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දෙන ලෙසද දන්වා ඇත.

එසේ ලබා ගන්නා යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා කමිටුවක් පත් කිරීමටද එහිදී එකඟතාවක් ඇති වී තිබේ. 

එම සාකච්ඡාව සඳහා එජනිසට සහාය පළ කරන දේශපාලන පක්ෂ තිහකට අධික සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වූ බව වාර්තාවේ.

(මව්බිම)