විමල් වීරවංශ අනාථ කරමින් රොජර් පක්ෂයෙන් ඉවත්වෙයි… රොජර් යන්න බලපෑ ඇත්තම හේතුව මෙන්න…

විමල් වීරවංශ අනාථ කරමින් රොජර් පක්ෂයෙන් ඉවත්වෙයි… රොජර් යන්න බලපෑ ඇත්තම හේතුව මෙන්න…
Spread the love

රොජර් සෙනවිරත්න පංචායුදය ගලවයි…. විමල් කරන්නේ රටට වංචාවක්..

“මට ඕන උනේ මගේ ආදරනීය රටේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න , වැඩ කරන්න . ඔවුන් වෙනුවෙන් පෙනීහිටින්න, මට කට්ටිය මට උදව් කලානම් මේව මෙහෙම වෙන්නෙ නෑ .”

ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණෙන් ඉල්ලා අස්වි තිබේ.ඉල්ලා අස්විමට අදාල ලිපිය ඔහු ජනිපෙ නයකයන්ට යොමුකර ඇති අතර

“මට ඕන උනේ මගේ ආදරනීය රටේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න , වැඩ කරන්න . ඔවුන් වෙනුවෙන් පෙනීහිටින්න, මට කට්ටිය මට උදව් කලානම් මේව මෙහෙම වෙන්නෙ නෑ .” Facebook Comment වක් එක්කරමින් සදහන් කර තිබේ.

බස්නාහිර පලාත්සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතාට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතය චොදනා ද එල්ල වි තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ ප්‍රියන්ජිත් විතාරණ ඒ සම්බන්ධයෙන් තැබු පොස්ටුව පහත දැක්වේ…

රොජර් සෙනවිරත්න පංචායුදය ගලවයි,

රොජර් සෙනවිරත්න යනු ලාංකීය කලා කෙත අස්වැද්දූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි.ඔහු කලාකාමි හදවත් තුළ නොමැකෙන සළකුණක් තැබූ ප්‍රතිබාපූර්ණ රංගන ශිල්පියෙකි.ඉතා සංවේදී මිනිසෙකු වීම ඔහුගේ මාදුටු සුවිශේෂි ලක්ෂණයෙකි.ඔහු මිනිසුන්ගේ දුක තමන්ගේ දුක බවට පත් කරගෙන හැඩූ මිනිසෙකි.ඒවාට උත්තර සෙවූ මිනිසෙකි.ඔහුගේ කදුළු ප්‍රශ්නයට මුහුණ දෙන තැනැත්තාගේ කදුළු තරම්ම ඝනකම විය.කලාවට අමතරව ඔහු දේශපාලන කලාවද තෝරාගත්තේ ඔහුගේ වාසනාවටද අවාසනාවටදැයි කීමට තවමත් ඉක්මන් වැඩිය.ඔහු දේශපාලනට අත් පොත් තැබුවේ ජවිපෙ වෙතිනි.මා හට ඔහු හමුවුනේ 2009 වසරේදීය.ඒ ජානීපෙ මුහුණ දුන් පළමු පලාත් සබා මැතිවරණයේදීය.මා එවිට ජානීපෙ දේශපාලන මණ්ඩල සබිකයෙකි.කෑගල්ල දිස්ත්‍රික් නායකයායි.එදා රොජර් සෙනවිරත්න සහෝදරයා අප පක්ෂයේ කොළඹ දිසාවේ අපේක්ෂකයායි.ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට ජානීපෙ එදා තෝරා ගත්තේ මාය.

තලවතුගොඩ නගරයේ ආසන්න තැනක අපගේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත විය.මා එහි පදිංචි විය.මැතිවරණ කාළය පුරාම ජවිපෙන් අපහට විවිධාකර තර්ජණ එල්ලවිය.අප ඒවාට මුහුණ දුන්නේ සාමූහිකවය.අපගේ කාර්‍යාළ ගිණිබත් කෙරිනි. අප ක්‍රියාකාරී සහෝදරවරුන්ට තැන තැන පහරදීම් සිදුවිය.එදා විමල්,අචල,දීපාල් වැනි සහෝදරවරුද අපගේ සමග හිටියේය. තවත් රටේ විවිධ දිසාවලින් පැමිනි සහෝදර සහෝදරියන් කලා කරුවන් විශාල පිරිසක් අප සමග සිටියේය.දවසේ මැතිවරණ කටයුතු නිමකිරීමෙන් පසු රොජර් සහෝදරයා සිය පුංචි පුතු සමග තලවතුගොඩ කාර්‍යාලයෙට පැමිනේ.මා නිදාගන්නා පැදුරු කඩමාල්ල මත හිදගෙන අප කතා කළේය.

ගොඩක් දේ දේශපාලන ගැනයි.ඒ අතර කලාව ගැනත් ඔහු මට කීවේය.පුංචි පුතුට නිදිමත හැදෙන තුරු අප කතා කළේය.මතිවරණය අවසානයේ ඔහු චන්ද පනස්දහසකට වඩා ගනිමින් ජානීපෙ කොළඹ දිසාවේ පලාත් සබා මන්ත්‍රීවරයා බවට පත්විය.අද දක්වාම ඔහු අපරාජිතව සිය මන්ත්‍රීධූරය ආරක්ෂා කරගෙන ඇත.ඔහුට මන්ත්‍රීධූරය ලැබුණු ආසන්නයේම මාද ජානීපෙ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්විය.

රොජර් සෙනවිරත්න සහෝදරයා ජානීපෙන් ඉවත්වූ බවට වන ඉල්ලා අස්වීමේ ලිපිය ඔහුගේ facebook ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති බව මා දුටුවෙමි.ඔහු ඉල්ලා අස්වීමට බලපෑ හේතුව මා නිශ්ච්තව නොදනිමි.ඔහුගේ ඉල්ලා අස්වීම ගැන විශේෂ සතුටක් හෝ දුකක් මට ඇති නොවුනි.එහෙත් කවදා හෝ දිනක රොජර් සෙනවිරත්න සහෝදරයාට ජානීපෙන් ඉවත්වීමට සිදුවන බව මා දැන සිටියෙමි.මීට පෙර ඔහු අවස්ථා කීපයකදීම එම තීරණය ගෙන තිබිණි.නමුත් මා ප්‍රධාන ලේකම්වරයා ලෙස දැඩි පරිශ්‍රමයක් යොදා එය වළක්වා ගතිමි.ඊට ඇති හොදම සාක්ෂිය වන්නේ වීරවංශ මහතා හා රොජර් සහෝදරයායි. මෙවර එය වලක්වා ගැනීමට කිසිවෙකු සිට නැත.

රොජර් සෙනවිරත්න යනු රට දන්න මිනිසෙකි. මිනිසුන් ආදරය කරන චරිතයකි.ඔහුගේ රසික රසිකාවන් ලක්ෂ ගනනක් සිටී.ඔහු වේදිකාව දික් විජය කළේ පිට පිටම හොදම නළුවා වීමේ රාජ්‍ය සම්මානය තුන්වරක් දිනාගනිමිනි.ඔහු ජානීපෙ හරහා හදුනාගත් අයෙක් නොවේ. එහෙත් ජානීපෙ ඔහුගෙන් හදුනාගත් අය බොහෝය.රටම එය දැනගෙන සිටියද අවාසනාවට ජානීපෙ නායකත්වය හා කොළඹ දිසා කමිටුව එය දැන නොසිටියේය.

මා විස්වාස කරන ලෙස ජානීපෙ තුළ ඔහුට බාධාව වූයේ ඔහුගේ මේ ප්‍රතිබාව හා හැකියාවයි.ඔහුගේ රංගන දිවිය හා මුසුවුන දේශපාලන ජානිපෙට මහත් ආලෝකයක් විය.නමුත් ජානිපෙට එය කණාමැදිරි එළියකටත් වඩා පුංචි විය.ඔවුන් එය පොල්කටුවකින් වසා තැබිමට සිතුවේය. පොල්කටුවෙන් වැසීමට බැරි බැව දුටුවිට කොළඹ දිසාවේ තම දේශපාලන යැපෙන්නන් දැමා පොල්ලෙන් ගැසුවේය.රොජර් සෙනවිරත්න සහෝදරයා පොලු පහර කාගෙන මාධ්‍ය වෙත දිව ගියේ නැත.එදා ඔහු ආවේ මා සොයාගෙනය.ඒ ඔහුට සාමූහික වගකීම සම්බන්දව මනා වැටහීමක් රංගනය තුළින් ලැබී තිබූ නිසයි.කෙනෙකු එම වගකීම කඩ කළ විට ඊට එකට එක කිරීමට වඩා ගෞරවාන්විත ලෙස එය බේරා ගැනීමට අවශය හිකමීම ඔහු තුලවූ නිසයි.මෙවරද අනිවාර්‍ය් ලෙස ඔහුට පොල්ලෙන් ගසා ඇත. එහෙත් යෑමට තැනක් නැත.කීමට අයෙක් නැත.ඉල්ලා අස්වීම හැර ඔහුට වෙනත් විකල්පයක් නොමැතිව ගොස් ඇතිවාට සැකයක් නැත.ඔහුට සිදුවන කෙනෙහිලිකම් ගැන මා අවස්ථා ගනනාවක් රොජර් සහෝදරයා සමග පක්ෂ නායකත්වය හමුවී කතා කළෙමි.එහෙත් ඒවා ගගට කැපූ ඉනි මෙන් විය.මන්ද ඒවා පිටුපස හිටියේ වීරවංශ මහතා හා ඊළග පළාත් සබා අපේක්ෂකත්ව බලාපොරොත්තුවෙන් සිටි කීප දෙනෙකි. වීරවංශ මහතාට රොජර් සෙනවිරත්න නම් රංගන ශිල්පියා අවශය වූයේ තමා කතා කරන රැස්වීම්වල මුලසුනයේ තැබීමට පමණියි.ඔහුට වසර දහයක ජානීපෙ ඉතිහාසය තුළ කිසිදු වගකීමක් දුන්නේ නැත. ඔහු අකණ්ඩව බස්නාහිර පලාත් සබාව නියෝජනය කරන මන්ත්‍රීවරයා වුවද අලුතින් පත්වූ නවක මන්ත්‍රීවරුන්හට බස්නාහිර පලාත් ජානිපෙ මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය දීමට වීරවංශ මහතා කාරුණික විය.එහෙත් රොජර් සෙනවිරත්න යන නම ඔහුට මදකටවත් මතකයට ආවේ නැත.මමත් වීරකුමාර දිසානායක සහොදරයාත් ජානීපෙ තුළ රොජර් වෙනුවෙන් අරගලයක් කළ බව ඔහුගේ හෘද සාක්ෂිය හොදින්ම දන්නවා ඇත.එහි ප්‍රතිපල නැතිවුවද ඔහුට කළ අසාධාරණයන්ට එරෙහිව පෙනී සිටිමට අපට කොන්දක් තිබීම ගැන අද මා සතුටු වෙමි.

දැන් රොජර් සෙනවිරත්න සහොදරයාද වහාම ක්‍රියාත්මක වන පරිධි රෝ ඔතුකරුවෙකු කරනු ඇත.මෛත්‍රීගේ,රනිල්ගේ හෝ බැසිල්ගේ මුදලට පක්ෂය පාවාදුන් ද්‍රෝහියෙකු කරනු ඇත.කොළඹ දිස්ත්‍රික් මඩ බලකාය ඔහුට මඩ ගැසීමට මඩ සූදානම් කරමින් සිටිනවා ඇත.එහෙත් මා රොජර් සහෝදරයාගෙන් ඉල්ලා සිටින්නේ අපට අයත් දේශපාලන කදවුර දමා නොයන ලෙසයි.අපේ කදවුර අද දෙකඩවී තිබේ.දෙකඩ කිරීම කාගේ වරදක් වුවත් දෙකඩ වූ කදවුර එකතු කිරීම අප කාගේත් වගකීමකි.එය කළ නොහැකි වී ඇත්තේ තම බඩ වඩා ගැනීමට පමණක් හිතන ඉහත ආකාරයේ දේශපාලන හිගන්නන් නිසායි.