2020 ජය උදෙසා ශ්‍රීලනිප ගමන් මග වෙනස් කරන දවස හෙට..මහ ලේකම් ඇතුළු තනතුරු රැසක වෙනසක්..

2020 ජය උදෙසා ශ්‍රීලනිප ගමන් මග වෙනස් කරන දවස හෙට..මහ ලේකම් ඇතුළු තනතුරු රැසක වෙනසක්..
Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (03) පැවැත්වෙනවා.

ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම මධ්‍යම කාරක සභාවට අමතරව සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ද හෙට රැස්වීමට නියමිතයි.

පසුගිය 17 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසන් වරට රැස්වූ අතර, එහිදී තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරුණා.

හෙට රැස්වන මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ඊට සභාවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි නිදහස් පක්ෂ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ.