ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයේ පැවති ලේ දන් දීමේ කඳවුරේ විශේෂ අවස්ථා මෙන්න…

ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයේ පැවති ලේ දන් දීමේ කඳවුරේ විශේෂ අවස්ථා මෙන්න…
Spread the love

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථනයට අනුව සෑම වසරකම පළමු මාස කිහිපය තුළ ලේ හිග තත්වයක් ඇතිවනවා. ශ්‍රී ලංකාවට වසරකට සාමාන්‍යයෙන් ලේ පයින්ට් 450,000 ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇත.ඒ සඳහා එක් පුද්ගලයකුගෙන් ලබා ගන්නේ ලේ පයින්ට් එකක් එනම් මිලි ලීටර් 450 ක් පමණ ප්‍රමාණයකි.

විවිධ රෝගාබාධ මෙන්ම සැත්කම් වැඩිවීම නිසා ලේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථනය සඳහන් කරන පොදු කරුණක් වෙනවා.

නොයෙක් හේතු නිසා සිරුරේ රුධිර ප්‍රමාණය අනපේක්ෂිත ලෙස පහළ බසින අවස්ථා තිබෙනවා. එබඳු අවස්ථාවල දී ජීවිත ප්‍රබල ලෙස අනතුරට ලක් වෙනවා. හදිසි අනතුරු ආදියේ දී සිදුවන අධික රුධිර වහනය, ඩෙංගු වැනි රෝගවල දී සිදු වන රුධිර පට්ටිකාවල ක්ෂණික පහළ බැසීම සහ ලියුකේමියා වැනි තත්ව වල දී සිදුවන රුධිර සෛලවල පහළ යෑම මේ සඳහා උදාහරණ කිහිපයක් පමණ යි. මෙබඳු අවස්ථාවල දී වහා ම රුධිරය ශරීර ගත කිරීම සිදු නො කළ හොත්, බොහෝ විට රෝගියා මිය යෑම සිදු වෙනවා. මේ නිසා රුධිර පාරවිලයනය හෙවත් බාහිරින් රුධිරය ශරීරගත කිරීම ජීවිත සුරැකීමේ දී අද්විතීය මෙහෙයක් ඉටු කරනවා.

ලේ දන්දීමට පෙර සෞඛ්‍ය පරීක්ෂණයක් පවත්වා සුදුසුකම් සපිරි නිරෝගී පුද්ගලයකු නම් පමණක් ලේ ලබාගැනීම සිදුවේ .වයස 18 ත් 60 ත් අතර බර කිලෝග්‍රෑම් 50 ට වැඩි රෝගාබාධවලින් තොර පුද්ගලයන්ගෙන් එලෙස ලේ ලබා ගැනේ. නිරෝගී පුද්ගලයකු හට වසරකට සිව් වතාවක් පමණ ලේ දන්දීය හැකි බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. O නෙගටිව්, A/B පොසිටිව්/නෙගටිව් ලේ වර්ග හිමි අය වැඩි වශයෙන් ලේ දන්දෙන ලෙස ඉල්ලා සිටින්නේ එම වර්ග දුලබ හෙයිනි.

මේ සියලු වැදගත් කරුණු කාරණා මත ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටුව ජනාධිපති මන්දිරය යළිත් වතාවක් සාමාන්‍ය ජනතාවට විවෘත කරමින් අද දින (05) ලේ දන්දීමේ කඳවුරක් පවත්වනු ලැබුවේ ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාගේ අදහසක් අනුවය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ජනාධිපතිතුමා වෛද්‍ය කණ්ඩායම ඇතුලු කාර්ය මණ්ඩල සමග සුහද කථා බහක නිරත විය.