නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේගේ නම යෝජනා කිරීම අසංවිධානාත්මකව සිදුවූ කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.
මේ පිළිබඳ අපි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායකගෙන් කරුණු විමසීමක් කළා.
ඔහු සඳහන් කළේ “ඡන්දය දීමේදී පොඩි පොඩි ප්‍රශ්න නිසා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු ආවේ නෑ. ඡන්දේ වැටිලා තියෙන විදිහ අනුව බැලුවාම.. ශ්‍රීලනිප, එජනිස ආණ්ඩුවේ හිටපු මන්ත්‍රිවරු කිහිපදෙනෙක් ඇරෙන්න අනික් අය අපිට ඡන්දය දීලා තියෙනවා. ඒ වගේම සමණලෙයෝ කිහිපදෙනෙක් එජාප අපේක්ෂකයාට ඡන්දය දීලා තියෙනවා.” යනුවෙනි.
“කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රිතුමා මෙතුමියගේ නම පිළිබඳ ප්‍රශ්නයක් මතු කරලා තිබ්බා. ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමාගේ උපදේශය වෙලා තිබුණේ එතුමට එළියෙන් ඉන්න..අනික් අය ඡන්දෙ දෙන්න කියන එක. නමුත් කිහිපදෙනෙක්ම ඡන්දෙන් වැළකිලා හිටියා.. මම හිතන්නේ ප්‍රසන්න වගේ අය බලපෑම් කරලා වෙන්න ඇති ඒ අය එළියට ගන්න ඇත්තේ.” යනුවෙන්ද සඳහන් කළා.

