රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පිළිබඳ පසුගිය දිනවල බොහෝ දෙනා කතා කළා.මෙම උපන්දින සාදයට නළු නිළියන් ඇතුළු කලා ලොවේ රැසක් එක්වෙලා හිටියා.මෙම ඡායාරූප ප්‍රසිද්ධියට වීමත් සමග කාගෙත් අවධානයට යොමූවූ කෙනෙක් හිටියා.
ඇය තමයි නොඑල් ටොකුහිසා. 28 හැවිරිදි ටොකුහිසා සංක්‍රාන්තික ලිංගිකයෙක්.ටොකුහිසා මේ වන විට නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.ඒ වගේම ඇය 2018 වසරේදී සංක්‍රාන්තික ලිංගිකයන්ටම වෙන්වුනු Miss International Queen තරඟයටත් සහභාගි වෙලා තිබෙනවා.
ඒ තරඟය සඳහා කළ සාකච්ඡාවකදි ඇය කියලා තිබුණේ මෙවැනි දෙයක්..
‘‘පිරිමි දරුවෙකු ලෙස හැදී වැඩෙන විට මට දැනුනා මම මගේ වයසේ අනෙක් පිරිමි දරුවන්ගෙන් වෙනස් කියලා.ටිකෙන් ටික මම ගෑනු ළමයෙක් වගේ අදින්න පුරුදු වුණා.පිරිමි ළමුන් එක්ක වඩා ගෑනු ළමුන් එක්ක කතා කරන්න පුරුදු වුණා.ඉන් පස්සේ මම නර්තනයට වඩාත් ඇලුම් කළා.පිරිමියෙකු ලෙස විතරක් නෙමෙයි කාන්තාවක ලෙසත් නටන්න පුලුවන් වුනා.නර්තනට තිබූ ආසාව මා වඩාත් සැහැල්ලු කලා.
රූ රැජිණ තරඟයකට සහභාගි වෙලා ජයග්‍රහණයක් ලබද්දි මට වයස අවුරුදු 18යි.ඒ අවස්ථාවේ මා ඇත්තටම කාන්තාවක ලෙස දැනුනා.ඉන්පසුව මා වෙනස් වෙන්න, මට අවශ්‍ය කෙනා ලෙස ජීවත් වෙන්න තීරණය කළා.ලිංගික සංක්‍රාන්තිකයන්ට ආදර්ශයක් වෙන්න මම කැමතියි‘‘ යනුවෙනුයි.