තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ඒකාබද්ද විපක්‍ෂයේ පැහැදිලි දෙකඩ වීමක් දක්නට ලැබුනු අතර උත්සාහයක් දැරුවේ නම් ජයග‍්‍රහණය කර ගත හැකිව තිබූ අවස්ථාවක් උවමනාවෙන්ම මග හැරියේ යයි චෝදනා කරන අනෙක් පාර්ශවය ඒකාබද්ද විපක්‍ෂය විසින් ගන්නා ලද තීරණයක් ක‍්‍රියාත්මක නොකරන ලද පලමු අවස්ථාව මෙය යයිද චෝදනා කරති.
මීට විරෝදය පල කිරිමක් ලෙස අද පස්වරුවේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් විසින් වර්ජනය කර තිබේ.
