බැදුම්කර වංචාකරුවන්ගෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 118 දෙනෙකුගේ තොරතුරු ඉදිරි දින කිහිපය තුලදී හෙලිදරුව් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීමත් සමග ඒ 118 දෙනා කවුරුන්ද යන්න අදටත් නොවිසිදුණු ප්‍රශ්නයක් වී ඇත.
මෙම තොරතුරු ලබා දෙන්නැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවද ඔහු සදහන් කර තිබුණි.
මෙම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 118 දෙනා ඇතුළු පිරිසට අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් බිලියන 1.3ක මුදලක් ලබා දී ඇතැයිද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.
මෙලෙස මුදල් ලබාගත් පිරිස අතර මහින්ද රාජපක්ෂ මහතාද සිටින බවද මේ වන විට වාර්තා වී ඇත.ඔහු විසින් රුපියල් කෝටි 10 කැ පමණ මුදලක් අර්ජුන ඇලෝසියස්ගෙන් ලබාගෙන තිබෙන බවද වාර්තා වේ.තවද 2015 ජනවාරි 9 වනදා අලුයම මහින්ද රාජපක්ෂ මහතා අරලිගහ මන්දිරයෙන් පිටව යෑමට පෙර අර්ජුන ඇලෝසියස් අරලිගහමන්දිරයේ සිටි බවටද මේ වන විට හෙළිවී ඇත.

