පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ශේප වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම සහයෝගය ලබාදීමෙන් පසුව එහි ප්‍රතිඵලයක් ලෙස මහරගම මහ නගර සභාව ජයග්‍රහණය කළ බඩල්බගම යිසිකල් ස්වාධින කණ්ඩායමේ සභිකයන් 06 දෙනෙකු අද දින ඉල්ලා අස්වී ඇති අතර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂයන්ගේ සුරතලියක් වන හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ඇතුළු 06ක් අද දින මහින්ද රාජපක්ෂ ඉදිරියේ මහරගම නාගරික මන්ත්‍රිවරුන් ලෙස දිවුරුම් දී ඇති බව අපට වාර්තා වේ.
කෙසේ වෙතත් මේ පිළිබදව අප සිදුකල විමසුමකදී නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් අප සමග පැවසුවේ මෙම දිවුරුම් දීම නීති විරෝධි දිවුරුම් දීමක් වන බවයි. ස්වාධින කණ්ඩායමක් කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කළ මොහොතේ සිදුවු ආකාරයෙන්ම මෙවරද සිදුවී ඇති නිසා එහිදී බලාත්මක වු නීතියම මෙහිදීද ක්‍රියාත්මක වන බවයි එම නීති විශාරදවරයා අපට පැවසුවේ..
මෙම දිවුරුම් දීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් අධිකරණයේ නඩු පැවරීමටද සුදානමින් සිටින බව අපට වාර්තා වන අතර මේ පිළිබදව අදහසක් දැනගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළද එය ව්‍යාර්ථ විය..

