පසුගිය වසරේ කළා ක්ෂේත්‍රයේ සිදුවූ අවාසනාවන්තම සිදුවීම් වලින් එකක් ලෙස දසුන්ගේ සියදිවි නසා ගැනීම සලකන්න පුළුවන්. දසුන්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ කටකතා පාතිරුනා. ඇතැමුන් මේ පිළිඹඳව දෝශාරෝපනය සිදුකලේ දසුන්ගේ පෙම්වතියවූ ශලනි තාරකාටයි. දසුන්ගේ මවත් පසුගිය දිනවල මුහුණු පොතේ විවිධ සටහන් තබා තිබුනා
මියගිය දසුන් නිෂාන් ගේ උපන්දිනය අද දවසේ යෙදී තිබෙනවා.
ඉතින් දසුන් ලඟින් හිටපු කට්ටියටනම් ඔහුගේ උපන්දිනය අමතක වෙලා නෑ.
ඒ අතරින් දසුන්ගේ මරණය සම්බන්ධයෙන් බොහෝ ලෙස කතාබහට ලක්වූ ශලිනි තාරකා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදා තිබුණා.
ඒ, “මේක තමයි මං සතුටින්ම හිටපු උපන්දිනේ…. ඒ තමයි ඔයා මට හිනාවෙලා කියපු අන්තිම වචන ටික…. සුභ උපන්දිනයක් කොල්ලා….” කියලා.
එමෙන්ම දිනක්ෂි ප්‍රියසාද් සිය ෆේස්බුක් ගිණුමට දසුන්ගේ ඡායාරූපයක් යොදා තිබුණා.