සුදර්ශනීට ඡන්දය නොදුන් හේතුව ප්‍රසන්න කියයි

සුදර්ශනීට ඡන්දය නොදුන් හේතුව ප්‍රසන්න කියයි
Spread the love
ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි
පොදුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන මතයේ සිටියත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ මෙම යෝජනාව රටට ගැලපෙන යෝජනාවක් නොවන බැවින් එකඟ විය නොහැකි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
 නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයේදී තමා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදුන්නේ සීදුව නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා ඔවුන්ගේ සහය හිමිවූ නිසා බවයි.
ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පොහොට්ටුව හෝ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යන දෙකෙන් එකක් තෝරාගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.