හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
රවි කරුණානායකට යළි කැබිනට් අමාත්‍යධුරයක් පිරිනැමීමත් සමඟ තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනමනු ඇති බවත්
මෙම පත් කිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික විදේශ සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසු කෙරෙනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම කාරණය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කළ දැනුම් දීමට ජනාධිපතිවරයාද එකඟතාවය පළ කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කල අතර මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් රවි කරුණානායක සිය අමාත්‍යධුරයෙන් ඉවත් විය. ඒ අනුව ඔහුට එරෙහිව චෝදනා තිබේ නම් මාස දෙකක් තුළ එය ගොනු කරන ලෙස අගමැතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් අතර එම කාලය මේ මස 15 දායින් අවසන් වේ.
