වෙබ් සංගමයේ අවධානය පිනිසයි!!!!!!!
සඳරැවන් සේනාධිර වෙනුවෙන් පෙනිසිටින වෙබ් සංවිධානයක් බ්රිතාන්ය මහකොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් සිටින්නේ සඳරැවන් බ්රිතාන්ය රජය මගින් අත්අඩංගුවට ගෙන ශ්රිලංකාවට පිටුවහල් කිරිමට ඉල්ලා ඇතිබවත් එයට තමන් විරැද්දවන බවයි.
මිට අදාල ප්රවුර්තියක් ඉරිදා ටයිම්ස් පුවත් පතේ පලවි තිබුනද එය දැවැන්ත කෙප්පයකි. අදාල පාර්ශවයන් හමුවිම සැබැවක් මුත් කිසිදා මෙම පුද්ගලයාගේ අත්අඩංගුවට ගැනිමක් හෝ රටින්පිටුවහල් කිරිමක් ගැන කිසිදු යෝජනාවක් හෝ සිදුනොවුන බව වගකිමකින් යුතුව ප්රකාෂ කරමි.
කෙසේ නමුත් මෙම වෙබ් සංගමය තමන් නොදන්නා බොහෝ කරැනු පිලිබඳව සත්යවාදි ලෙස දක්වන කරැනු අසත්ය බව කියා සිටිමි.
මාගේ මතය සඳරැවන් රට පැනිම සඳහා තමන් ගේම ආයතනයට මිගමුවේ සිට ක්රියාතමකවු මැර කන්ඩායමක් ලවා ගිනි තියා ගත් බවයි.
අදාල ගිනි තැබිමට අදාල පොලිස් පරික්ෂනයේ දි ඒ වෙනවිට මාගේ රාජගිරිය කාර්යාලයේ රැඳිසිටි බෙනට් රැපසිංහ ඇතුලු ලංකා ඊ නිවුස් කාර්ය මන්ඩලය වෙනුවෙන් පෙනි සිටියේ මම,මෛත්‍රි ඇතුලු නිතිඤ කන්ඩායමකි.
අසරනව,භිතියට පත්ව සිටි ඊ නිවුස් කාරය මන්ඩලයට කිසිදු රැකවරනයක් හෝ හව්හරනයක් නැතිව සිටි අවස්තාවක මාහට පුද්ගලිකව මුහුනදිය හැකිව තිබු අනතුරු නොතකා මගේ කාර්යලය තුලම නවාතැන් ගනිමින් වෙබ් අඩවිය පවත්වා ගැනිමට පහසුකම් සලසාදෙන ලදි.
මෙම තත්වය සඳරැවන් ගේ සරනාගත භාවය ලබාගැනිමට ඇති හැකියාවට බලපැමක් එල්ල කල හැකි බැවින් සඳරැවන් ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාව තුල ක්රියාත්මක විම වැරයොදා වැලැක්විමට කටයුතු කලේය. බෙනට් රුුපසිංහ සහ තවත් මාධ්යවේදියකු කඩුවෙල අධිකරනය මගින් රිමාන්ඩ් කිරිමත් සමගම ඊ නිවුස් ලංකාවේ ක්රියාත්මක විම නැවතුනේය.
එසේම දැනගත යුතු තවත් කරැනක් පවති. එනම් සඳරැවන් එංගලන්තයේ සරනාගත බාවය ලබා ගන්නේ අමරිකාවේ සිට පැමිනි පසුවය. ඔහුට විශේෂ වරප්රසාද කට්ටලයක් ඇම්නස්ටි ඉන්ටනැශනල් මැදිහත්විමෙන් ලබාදුන්නේය. එම වරප්රසාද ඔහුට,භාර්යාවට,දරැවන්ට හා නිවසට අදාලව වුයේය. දැනට අප අතර නැති එවකට ඇම්නස්ටි හි සේවය කල ප්රසන්න රත්නායක මා සමග මෙකි විශේෂ වරප්රසාද පැකේජය ලබා ගැනිමට විෂේශ උත්සාහයක් ගත්තේය. ඒ සඳහා මා හොඳින් අඳුනන ඇම්නස්ටි හි අධ්යක්ෂක වරයකු අමතන්නට සිදුවුයේය. එදා තවත් එක් වෙබ් ජනමාධ්යවේදියකු වු සඳරැවන්ට ලැබුනේ ලොතරැයියකි.
මා දන්නා තරමට ප්රගිත් එක්නැලිගොඩ කිසිදා ලංකා ඊනිව්ස් හි වෙබ් කාටුන් ශිල්පියා ලෙස කටයුතු කලේ නැත. ඔහු එම කාර්යාලයට ආවගියේය. සඳරැවන් ඔහුට සැලකුතරම දන්නේ එදා එම කාර්යාලයට ආගිය අය පමනකි. අවසානයේදි ප්රගිත් හා ලංකා ඊනිව්ස් අතර කිසිදු සම්බන්දයක් නැතයි කිවේ එදාය.
වෙබ් සංගමයේ අවධානය පිනිසයි!!!!!!!සඳරැවන් සේනාධිර වෙනුවෙන් පෙනිසිටින වෙබ් සංවිධානයක් බ්රිතාන්ය මහකොමසාරිස්වරයාට ලිපියක්…
Posted by Shiral Lakthilaka on Sunday, June 10, 2018

