මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගී ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙන අතර ඒ පිළිබඳ අදහස් දක්වන එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ මේ වන විට අතිරේක බස් රථ 50 කට අධික ප්‍රමාණයක් මගී අවශ්‍යතා සඳහා යොදවා ඇති බවයි.
එළඹෙන 15 වැනිදා දක්වා මගී අවශ්‍යතා අනුව බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන අතර යළිත් 16 වැනිදා සිට 25 වැනිදා දක්වා මගී අවශ්‍යතාව පරිදි බස් රථ යෙදවීමට ද සැළසුම් කර ඇති බවත් පැවසුවා.
මෙම කාලසීමාව තුළ අතිරේක බස් රථ 2000කට අධික ප්‍රමාණයක් යෙදවීමට බලාපොරොත්තුවන බවද සඳහන්.
මේ අතර මගී ජනතාවගෙන් වැඩි ගාස්තු අය කරන ලංගම බස් රථ කොන්දොස්තරවරුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ඒ පිළිබඳ පැමිණිලි ඇත්නම් වහාම සිය මණ්ඩලය වෙත දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා.
[rns_reactions]