ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(13) දහවලෙහි පුත්තලම දිස්තික්කයේ මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මොහොට්ටුවාරම සිංහල මහා විද්‍යාලයේ දී ගොවි ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලු පිළිබදව ද අවධානය යොමු කළේය.
ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මොහොට්ටුවාරම ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.
පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය සුමල් තිසේරා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
