”මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න මාව විවේචනය කරන්න ඔබට අයිතියක් නෑ….”
”මම ඇන්දේ බිකිනියක් නෙමෙයි..”
”අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්…”
රටම උණුසුම් කල දසුන් සමග ශලනි තාරකාගේ රහස් ජීවිතය හෙලිකල සිරවී වීඩියෝව මෙන්න..
Posted by Supiri Gossip on Wednesday, November 8, 2017
පසුගියදා ආන්දෝලනයට ලක්වූ චරිතයක් තමයි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නේ. ඔහුගේ උපන්දින සාද ඇඳුම් සම්බන්ධයෙන් පළවන කතාබහ අතරේ සායට රෙදි මදිවුණාදැයි කතා අසාගත් ජනප්‍රිය නිළි ශලනි තාරකා ඒ ගැන අදහසක් සතිඅන්ත පුවත්පතකට පළකර තිබෙනවා.
”කට්ටියටම පොදුවේ කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි එකිනෙකා දකින විදිහ වෙනස් කැමැත්තක් වෙනස් කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට අවලස්සන වෙන්න පුළුවන්. අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්.
ඉතින් මගේ පෞද්ගලික ජීවිතයේ මට කැමති අයුරින් අඳින්න කොටට හෝ දිගට අඳින්න මට අයිතියක් තියෙනවා ඔබට වගේම. ඒ මගේ කැමැත්ත. තිරයේ දී ඒ ඒ චරිතවලට අනුව ඇඳුම් ඇන්දත් සාමාන්‍ය ජීවිතයේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඇඳුම් අඳින ඕනෑම අයෙකුට නිදහසක් තියෙනවා.
මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න එයයි විය යුත්තේ. පෞද්ගලික ජීවිතය නෙමේ.
ඇඟ වැහෙන්න ඕන තැන් ටික වහගෙන ඇඳුම කොටවෙලා ඒකට උඩින් නෙට් රෙද්දක් දාලා ඒක ඇතුළෙන් කකුල් දෙක පේනවා දැක්කම නළියන කට්ටියට ඊළඟ දවසේ බුර්කාවක් ඇඳලා පින්තූරයක් දාන්නම්. කරුණාකරලා දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. මේ ඇඳලා ඉන්නේ බිකිනියක් නෙමේ. අනිත් එක theme එක ගැන කතා කරපු අයට දැන ගැනීම පිණිස ඒක Royal and Hollywood. මේක දැම්මේ දැනුවත් කිරීමට මිසක් වාද කිරීමට නොවේ. ඒ නිසා තමන්ගේ කාලය කමින් මේ කමෙන්ටුව යටින් වාද විවාද කරගෙන යන්න වැඩ නැති චූටි නංගිලාට දැන් ඉතින් අවසර. මට නම් ඒවට සහභාගි වීමට කාලය නැති බව දන්වමි.”
ඡායාරූප කිහිපයක් පහතින්….