ජනපති පොලිස්පතිට ජාතිය අමතයි

ජනපති පොලිස්පතිට ජාතිය අමතයි
Spread the love

 මේ දිනවල පොලිස්පතිවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක්ම තමාට පැමිණිලි කර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයන් සිදුනොකළ යුතු බවත්, දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානියා ලෙස පෞද්ගලික කරුණු කාරණා ප‍්‍රසිද්ධ වේදිකාවන්ට ගෙන ඒම, පොලිස්පති තනතුරට නුසුදුසු බවත්, ජනපතිවරයා දැඩිව  පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත අවධාරණය කර ඇත.

පදනම් විරහිත චෝදනා නඟමින් තමන්ව අපහසුතාවට පත් කැරෙමින් තිබෙන බව එම ඇතැම් පොලිස් නිලධාරීන් ජනපතිවරයා හමුවේ පවසා තිබිණ. එවැනි දේ වහාම නැවැතිය යුතුව තිබෙන බව අවධාරණය කළ ජනපතිවරයා, වසර අවසානය වන විට ප‍්‍රමුඛ පෙලේ විමර්ශනයන් සියල්ල අවසාන විය යුතු බවට පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

පන්සලක පැවැත් උත්සවයක දී සුදු ඇඳගත් පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස්පති ජයසුන්දර කර තිබූ ප‍්‍රකාශයක් ජනපතිවරයා මෙහිදී විමසුමට ලක් කල අතරතමා කිසිදු පුද්ගලයකු ඉලක්ක නොකළ බව කියා සිටි පොලිස්පතිවරයා පැරණි ජනකතාවක් ආදර්ශයට ගනිමින් එවැනි සඳහනක් කළ බව පැහැදිලි කළේය.

එය එසේ වන්නට හැකිවෙතත්, එවැනි ප‍්‍රකාශයක් හමුවේ යම් වැදගත් පුද්ගලයකු ඉලක්ක වීමට ඉඩ ඇති බව පොලිස්පති වරයාට පැහැදිලි කර දෙනු ලැබීය.