ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රමුඛ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව ජනතාව තබා තිබෙන විශ්වාසය අබමල් රොනක තරමින්වත් පළුඳුවීමට කිසිඳු ඉඩක් නොතබන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (18) පැවසීය.
එබැවින් ඒකාබද්ධ විපක්‍ෂය හා පොදුජන පෙරමුණ දෙකඩවී ඇති බවට පළවන ආරංචිවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
