ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ලැබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කරුණු දැක්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වා ඇති මහින්ද රාජපක්ෂ මහතා තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද ,එසේත් නොමැතිව වෙනත් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බවද, ඇතැම් විට එය අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි බවද එහි මන්ත්‍රීවරුන්ට අවධාරණය කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව සතු බහුතර තුනෙන් දෙක් බලය අහිමි කළ යුතු බවත්, එසේ කිරීමට නම් ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම යැයිද ඔහු එහිදී පවසා ඇත.