මම හදපු පක්ෂයේ ඉන්න බැරිනම් යන්න… කුපාම මහින්දගේ ප්‍රහාරයට කුප්‍රකට බැසිල්ගෙන් දැඩි පිලිතුරක්…

මම හදපු පක්ෂයේ ඉන්න බැරිනම් යන්න… කුපාම මහින්දගේ ප්‍රහාරයට කුප්‍රකට බැසිල්ගෙන් දැඩි පිලිතුරක්…
Spread the love

ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායම සම්බන්ධ කර ගැනීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (19) උදැසන පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 4 දී රැස්වූ අතර එහිදී  දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන එහිදී විමසා ඇත්තේ ඔවුන්ට කණ්ඩායම් රැස්වීම සඳහා සහභාගී වීමට ඉඩ ලබා දෙනවාද යන්න පිළිබඳවයි. එහෙත් එහිදී නැගී සිටි ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් පවසා ඇත්තේ 16 කණ්ඩායම නිදහස් පක්ෂයේ දරණ තනතුරු අතහැර පැමිණෙන්නේ නම් පමණක් ඔවුන් භාරගත යුතු බවයි. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වී රත්නපුර නගර සභාවේ බලය පිහිටුවීම සහ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා කැඳවූ රැස්වීමක් හදිසියේ අවලංගු කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා. 

 මේ අතරතුර මෙම ස්ථානයට පැමිණි බැසිල් රාජපක්ෂ මුලදී ඉතා නිහඩ පිළිවෙතක් අනුගමණය කරමින් සියල්ල නිරික්ෂනය කරනු දක්නට ලැබුනු අතර පොහොට්ටුවේ කළුතර ප්‍රබලයෙකු නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් බැසිල් ලබාදුන් ආන්දෝලනාත්මක පිළිතුර සියළුදෙනාගේ දැඩි අවධානයට ලක්විය.  

පොදුජන පෙරමුණ හැදුවේ මම.. අත්තිවාරම දැම්මේ මම… සල්ලි වියදම් කලේ මම.. යාන්ත්‍රණයම මගේ… මගේ පක්ෂේ ඉන්න බැරි අය ඉන්නවා නම් යන්න… යන අයට යන්න පුළුවන් යන්න එම ආන්දෝලනාත්මක ප්‍රකාශයයි…