මහරගමදී (බැසිල්) කාන්තිගේ පරවුනු පොහොට්ටුව සහ අයාලේ ගිය බයිසිකලේ හැප්පෙයි….

මහරගමදී (බැසිල්) කාන්තිගේ පරවුනු පොහොට්ටුව සහ අයාලේ ගිය බයිසිකලේ හැප්පෙයි….
Spread the love

මහරගම මහ නගරසාභාවේ හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර මහත්මිය එහි  බයිසිකලය සලකුණ යටතේ පාලන බලය ලබාගෙන සිටින පිරිස විවේචනය කිරීම හේතුවෙන් අද(20) සභාවේ දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බවත් ඒ හමුවේ සභාවේ කටයුතු තාවකාලිකව නවත්වා ඇති බවත් වාර්තා වෙයි.

මෙම නොසන්සුන්තාව හටගෙන ඇත්තේ මහරගම මහ නගර සභාවට පිට ප්‍රදේශ වලින්  බයිසිකලය සලකුණ යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්, ඉකුත් මාස තුන තුළදී නගර සභාවෙන් ගෙවන දීමනාව ලබාගෙන ගෙදර යනවා මිස මහරගම ජනතාවට කිසිදු සේවයක් කර නැතැයි  හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර   පැවසීමෙන්  අනතුරුවය.

සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් (20) මහරගම නගර සභාව පැවැත්වූ අවස්ථාවේ මෙය සිදුව ඇති අතර එසේම ඉකුත් 07 වැනිදා පැවැති සභාවාරය සඳහා  දැනුම්දිමකින් තොරව පාලක පක්ෂයෙන් පුරප්පාඩු වු නියෝජිතයින්  වෙනුවෙන් බාහිර කාන්තාවන් හය දෙනකු පත් කර එවීමෙන් ඇති වු තත්ත්වයට විරෝධය පළ කරමින්  විරෝධතා පුවරු රැගෙන මන්ත්‍රීවරුන් පිරිසක්  විරෝධතාවකද නිරතවූ බව දැනගන්නට ඇත.

මේ අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබාදුන් ස්වාධීන කණ්ඩායම වන බයිසිකලයෙන් ඉදිරිපත්වූ පාර්ශව අතර මෙම ගැටුම ඇතිව තිබෙන බවත් මේ හේතුවෙන් ඉදිරියේද සභාවේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සම්බන්ධව අවධානමක් ඇති බවද වාර්තාවේ.