නවකයන්ට අමානුෂික නවක වදය දුන් පේරාදෙණියේ මන්දමානසිකයන්ට අදත් ඇප නෑ…

Spread the love

ආන්දෝලනාත්මක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ   නවක වද සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24  වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර  ප්‍රධාන  මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා අද (11) නියෝග කළේය.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස්  නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට  සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඔවුහු පෙබරවාරි 20 වැනි දා සිට රිමාන්ඩ් බාරයේ සිටිති.

සිසුන් සඳහා ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අද (11) අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද මහේස්ත්‍රාත්වරයා අප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.-

[rns_reactions]