බැසිල් සහ ගෝඨා ජනපති අපේක්කෂත්වයට පොරකමින් සිටියදී මහින්ද රාජපක්ෂ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් සිදු කළ ප්‍රකාශය පිළිබදව දැක්වු ප්‍රකාශය කරලියේ සංවාදයට ලක්ව ඇත…
එනම් ඇතැම් දේශපාලඥයින් පටු අරමුණු වෙනුවෙන් විවේචනය කරමින් සිටින බව මහින්ද පැවසීම තුලින් මහින්දගෙන් බැසිල්ට ප්‍රහාරයක් එල්ල වුනාද යන්න ගැන කරලියේ සංවාදයක් ඇරඹී ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ මේ පැහැදිළි කිරීම හුදු ඇඟ බේරාගෙන යාමේ ප්‍රකාශයක් මිස හිට්ලර් කෙනෙකු වීම ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව විචාරක මතය වී ඇත
වෙඬරුවේ උපාලි හිමිගේ අනුශාසනාවට වෙල්ගමගේ විරෝධය
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉහත සඳහන් ආකාරයේ ‘ඇඟ බේරාගැනීමේ’ ප්‍රකාශයක් කල ද ඒකාබද්ධයේ ප්‍රධානියකු වන ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය තරයේ හෙලා දකින බවයි.
අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල ආකාරයේ මිලිටරි ආණ්ඩුවකට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි ඔහු පවසයි.
යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බව ඔහු අවධාරණය කරඇත.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට තුල මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.