ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා වන්නේ නම් මහින්ද මෙන්ම තමාද කැමැත්තෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීමලවිර දිසානායක මහතා පවසයි. අම්පාර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින් විමලවිර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ දිගින් දිගටම ගිනියම් වන අභ්‍යන්තර ගැටුම් හා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන කරුණු කාරනා මත මෙම මත ගැටුම් ඉහල යමින් පවතිනවා.
මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පවසා සිටියේ තම මතයට ඉඩ නැතිනම් තමා වෙනමම පක්ෂයක් හෝ හදන බවයි.
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ පක්ෂ කඩා හැදු පක්ෂ වලට එදා අත් වූ ඉරණම ක්ෂණිකව පිපුණු පොහොට්ටුවට මේ අත්ව ඇති තත්වයත් සමඟ යලි මතක් කර දෙන්නේ තම පෞද්ගලික උවමනා වෙනුවෙන් පක්ෂ හදා ගත්තත් ඒවායේ පැවැත්ම තාවකාලික බවයි….