2020 ජනාධිපතිවරනයට ශ්‍රීලනිපයෙන් නියත ජයක් ලබන වර්තමාන ජනපති මෛත්‍රි තරගබිමට….!

2020 ජනාධිපතිවරනයට ශ්‍රීලනිපයෙන් නියත ජයක් ලබන වර්තමාන ජනපති මෛත්‍රි තරගබිමට….!
Spread the love

2020 අවුරුද්දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපේ ජනාධිපති අපේක්ෂකයා වර්තමාන ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා 2025 වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ රට පාලනය සිදු කරගෙන යන්න පක්ෂ මෙ වන විට කටයුතු සිදු කර අවසන් යැයි අධිකරණ, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.

අමාත්‍යවරයා ඊයේ (24) පස්වරුවේ අරණායක හබලක්කාව ප‍්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා…

අපේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අද බොහෝ දෙනෙක් චෝදනා කරනවා විවේචන කරනවා නමුත් අපි කියන්න කැමැතියි එතුමා ලබා දි තිබෙන නිදහස දිහා ටිකක් හැරිලා බලන්න කියලා. ඒ කාලයේ කාව හරි විවේචනය කරා නම් යන්න වෙන්නේ කොයිබටද කියලා ඔබතුමාලාගේ හෘද සාක්සියෙන් අහලා බලන්න. අද රටේ ජනාධිපතිවරයා වුනත් ඔනෑම කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. මතවාද දක්වන්න පවා පුළුවන්. එහෙම නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුල සකස් කරලා තිබෙනවා.

අප මැතිවරණයකට ගිහින් අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය පළාත් පාලන මැතිවරණයෙන් අහවර කිරිමට නොවෙයි මිනිස්සු ජන්දය ලබා දුන්නේ නොයෙකුත් වතාවරණයන් රට තුල පවතින විටදි ලක්ෂ 17 ආසන්න ප‍්‍රමාණයක් අපේ රටේ බුලත් කොළයට ජන්දය ලබා දුන්නා. ඒ මිනිසුන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් බණ්ඩාරණායක මහත්මා හදපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳ, වෙද, ගුරු, ගොවි , කම්කරු බලවේගය ආරක්ෂා කරගනිමින් අපි වෙනුවෙන් මෙපමණ තීන්දු තීරණ ගත්තු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය අපිට කොයි මොහොතකවත් විනාශ කර දමන්න හැකියාවක් නැහැ. මෙ වන විට අපේ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු පවා ආරම්භ කරලා තිබෙනවා.

මෙ වන විට දේශපාන වශයෙන් නොයෙකුත් කැලබිම් තිබෙන්න පුළුවන් පසුගිය මැතිවරණයේ ජන්ද ඉල්ලූ අපේ අපෙක්ෂකයින්ට ජාති දෝහින් සහ දේශදෝහින් ලෙස පවා හන්වඩු ගැසුවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මතවාදය ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය අරන් ගියපු අපි එදා මහින්ද රාජපක්ෂ මහත්මා ජයග‍්‍රහණය කරන්නට උර දුන්න අපි මාස කිහිපයක් ඇතුලතදි දේශදෝහින්, ජාතිදෝහින් හැටියට හන්වඩු ගැසුවා අපේ දිස්ත‍්‍රික්කය ඇතුලේ සමහර පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරුන්.

හැබැයි ඒ පිරිසට අමතක වේලා තියෙනවා එදා අපි දිවි හිමියෙන් මහින්ද රාජපක්ෂ මහත්මා ජයග‍්‍රහණය කරවන්න අපි සහයෝගය ලබා දුන්නා. එතනින් පැරදුනාට පස්සේ එතුමා අගමැති කරන්නත් අපි සහයෝගය ලබා දුන්නා.

එහෙමනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ තනි නායකයකුගේ පක්ෂයක් නොවෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සැබැවින්ම පොඩි මිනිහා නිරූපනය කරන පක්ෂයක් විය යුතුයි. සම්පුර්ණයෙන්ම බණ්ඩාරනායක මහත්මාගේ ප‍්‍රතිපත්ති තීරණ වල ජිවත් වෙන පක්ෂයක් විය යුතුයි. ඒ නිසා මම කණගාටු වෙනවා පසුගිය මැතිවරණයෙදි අපිට සමහර වේලාවට බොහෝම අන්තවාදි විදිහට සමහර වේලාවට බෞද්ධාගම පවා මූලික කරගෙන මඩ ගැසිල්ලක සමහර අපෙක්ෂකයන් නිරත වුනා ඒ නිසා අපි ඒ ගැන කණගාටු වෙනවා. 
සමහර අය කිවා බෞද්ධාගම අපේ රටින් නැති වේලා යනවා ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. සමහර අය කිවා තුපාරාමය අපි විකුණන්න ඉන්නේ කියලා. රුවන්වැලිසෑය විකුණන්න ඉන්නේ කියලා. ඒ නිසා සමහර ගමේ අපේ ජනතාව මෙවාට රැුවටුනා. මම සතුටු වෙනවා ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් අපේ වැඩ පිළිවෙල ඉදිරියට යනවා. බොහෝම පහසුවෙන් දිනන්න තිබුණු රැුලි තිබුණා. ඒ රැුළි උඩ නගින්නේ නැතිව සැබෑ ශ‍්‍රි ලාකීකයන් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න තමුන්වහන්සේලා එකතු විම සම්බන්ධයෙන් මාගේ ගෞරවය ප‍්‍රණාමය පුද කර සිටිනවා.

පසුගිය කාලයේ අපි ජාතික ආණුඩවක් සමගින් ඉදිරියට යද්දි ගැටලූ ප‍්‍රශ්න තිබුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂ දෙකක් එකතු වුනාම ප‍්‍රශ්න නැතිව මෙක ඉස්සරහාට යයිද ? යන්නේ නැහැ. එජාපයේ සමහර ක‍්‍රියාකාරකම් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අපිට ගැලපෙන්නේ නැහැ. ඒ පිළිබඳව විවිධ මතවාද ගැටලූ තිබෙනවා. ජාතික ආණ්ඩුව හදලා අවුරුදු 3 තමයි මෙ ගත වෙන්නේ එහෙම වේලාවක ප‍්‍රශ්න නැතිව මෙ ගම ඉස්සරහාට යන්න ඉන්නවා නම් එක විහිළුවන් ඒ නිසා ඒ නිසා මෙ මතවාද එක තැනකට ගන්නට රට තුල ඉන්න සියලූ පක්ෂ එක තැනකට එම වරදක්ද ?

දැන් අපි කියනවා සමගිය බලය වේ කියලා. පක්ෂ දේශපාලනය නිසා රටේ වෙච්ච සමහර දේවල් එක්ක බලද්දි දේශපාන පක්ෂ එකතු වේලා ගමේ ඉන්න ජනතාවත් එකාවන්ව මෙ දේශපාලන ගමන යනවා දකින්න සමහර අය අකමැතියි එයඅපේ රටේ ආවසානක්. 
අපි පෙබරවාරි 10 වැනිදා ජන්දයකට ගියා අපිට ප‍්‍රතිඵලයක් ලැබුණා. අපේ අරමුණ වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ලක්ෂ 17 තව කිහිප ගුණයකින් වැඩි කරලා. නැවත වතාවක් අපේ රටේ පාලනය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අනිවාර්යෙන්ම භාර කර යුතුයි කියන කාරණාව මෙ අවස්ථාවේ මතක් කර යුතුව පවතිනවා. ඔබතුමල්ලාට ජනතාව වශයෙන් යම් ප‍්‍රශ්නයක් වුනොත් එය විසදා දෙන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ඉන්නවා. ඒ නිසා කොයිම වේලාවකවත් හිතන්න හපා මෙක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියලා. විධායකය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තියෙනවා. ඒ නිසා තමන්ට ආසාධාරණයක් වනවා කියලා හැගෙනවා නම් ඔබ තමුන්වහන්සේලා සමග අපි වෙනත් සටනක් ආරම්භ කර යුතුයි.

මිලග මැතිවරණය මොන මැතිවරණය වුනත් මම නම් කැමැති ජනාධිපතිවරණයටයි. සියලූ ජාතින් වලට රටේ නිදහස අගයන සියලූ දෙනා එකතු වේලා ජන්දය පාවිචිචි කරන්න අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට අරන් නැවත වතාවක් අපේ ජනාධිපතිතුමා 2025 තෙක් ජනාධිපතිකරවන්න අපි සියලූ දෙනාගේ වගකිමක් තිබෙනවා. අවුරුදු ගණනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක ජනාධිපතිවරුන් රට පාලනය කරා. තාමත් නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් රට පාලනය කරන්නේ ඒ නිසා ඉදිරි අවුරුදු කිහිපයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් රට පාලනය කරනවා දකින්න තමයි අපේ කැමැත්ත.