ඉතිහාසයේ කුනුබක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝටාබයලා
මැදමුලන ගම ගෙදර තෙවැනි ගෝටාබය උපන්නේ 1949 ජූනි මස 20 දිනය. උසස් පෙලට පාඩම් කිරීම නිෂ්පල යයි සිතු ගෝටාබය 3 වන කැඩෙට් පාඨමාලවට අයදුම් කලේය. එය සිදුවූයේ 1970 වසරේදීය . නමුත් එම පාඨමාලවට බදවා ගත්තේ නිලධාරීන් දොලොස් දෙනෙකු වැනි සීමිත පිරිසකි , ගෝටා වැනි ලොසෙකුට කිසිම අවස්ථාවක් එහි නොවිනි. ඉගෙනීම හෝ ක්‍රීඩාව යන දෙකෙන් එකක්වත් හරියට නොකල ගෝටාබය නිකන්ම කැපී ගියේය .
ගෝටාබයගේ උපන්දිනයදා පැවැත්වූ ‘හිට්ලර්’ උපමා අනුශාසනාව නොසිතූ විරූ අලකලංචියකින් කෙලවර විය . දේශපාලන කෝන වලින් බලන්නේ යයි සිංහළ ජනයා වෙත යම් චෝදනාවක් එල්ල කල හැකි නමුදු යලි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අපහසු බරපතල සිත් බිදීමක් සුලු ජනයා කෙරේ සිදුව ඇත . ගෝටාබය රාමාලාන් මාසය පුරා නෝම්බි අරිමින් අමාරුවෙන් හදා ගත් මල් පාත්තිය එක් රැයකින් සුනු විසුනු වී ඇත .‘හිට්ලර්’ කථාවට ප්‍රතිචාර දැක්වූ මහින්ද කියාසිටියේ, ගෝටාබය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බිය වූ පිරිස් මේ ආකාරයෙන් කටයුතු කරන බවය. නමුත් මහින්දගේ තර්කය ආපිට කැරකවෙන කථාවක් ගම්මන්පිල කීවේය. ඔහු චම්පික රණවක පොල්පොට්ට සමාන කලේය. ගම්මන්පිල වැනි ගෝටාගේ අගසව්වන් චම්පිකව මඩේ දමන්නේ ඉදිරි මැතිවරණයෙදී ඔහුගේ භූමිකාවට ඇති බිය නිසා මිස අන් යමකට නොවේ.
ලක් ඉතිහාසයේ පලවෙනි ගෝටාබය
ලියුම්කරුගේ මෙම වෑයම ඉතිහාසයේ කුනු බක්කියට විසිවූ හිට්ලර්ලා පොල්පොට්ලා ගැන ලිවීම නොවේ. ලක් ඉතිහාසයේ රජකමට කුරුමානම් ඇල්ලූ ගෝටාබයලා ගැන සටහනක් තැබීමය. ලක් ඉතිහාසයේ පලමු ගෝටාබය කරලියට එන්නේ (ක්‍රි. පූ. 290-250) කාලයේදීය. දේවානම්පියතිස්ස රජු තමාගේ මලණුවෙකු වූ මහානාග යුවරජ තනතුරට පත්කර ගෙන රට පාලනය කලේය. රජුගේ ඇවෑමෙන් ඔටුන්න තම පුත්‍රයාට නොදී මහානාග විසින් අත්පත් කර ගනීවි යයි සැක සිතූ රජුගේ බිසවක වූ අනුලා මහානාග මැරීමට සැලසුම් කලාය. අනුරපුරයේ ‘වලස්වැව‘ඉදිකිරීම් කටයුතු සිදුවන විටෙක විෂ යෙදූ අඹ පැසක් මහානාග වෙත එවී ය. නමුත් කූඩයේ උඩම තිබූ විෂ අඹ ගෙඩිය අනුභව කලේ අනුලා බිසවගේ පුත් කුමාරයාය . එම සිදුවීමෙන් පසු තමා ඝාතනය කිරීමට රජ වාසල තුල කුමන්ත්‍රණයක් ඇති බව තේරුම් ගත් මහානාග රුහුනට පලා ගියේය.
පලාගිය මහානාග රුහුනේ රජ විය . ඔහු ගොඩනැගූ රෝහණ උප රාජධානිය යථාලතිස්ස, අභය සහ ගෝටාබය වෙත පිලිවෙලින් මාරු විය. රුහුනේ එකල්හි තවත් උප රාජධානිනි කිහිපයක් විය. දසබෑ රජවරුන්ගේ ශ්‍රී විභූතිමත් කාජරගාම (කතරගම) උප රාජධානිය මේඅතර ප්‍රධාන විය. අම්පාර දිස්ත්‍රික්කයේ මොට්ටයාකල්ලු ශිලා ලිපියේ දසබෑ රජවරුන් අතර “නාවික උපරජ” කෙනකු පිලිබදව දක්වා ඇත. දකුනුලක කේන්ද්‍රකර ගනිමින් ස්ථාපනය කරතිබූ විශාලතම වෙළද නැව් සමූහය දස බෑ රජවරුන් සතු වූ බව එහි විස්තර කරයි. . (Incriptions of Ceylon Vol.i, senarath paranvithana 1970 Introduction. p.lvi. and p.37 no 487.) වස්තු තන්හාව සහ බලකාමය හේතුවෙන් ගෝටාබය විසින් දසබෑ රජවරුන් කෲර ලෙස ඝාතනය කල ආකාරය 14 වන සියව සට අයත් කකුසඳ හිමිගේ ධාතුවංශයේ සඳහන් කර ඇත. එම පාපී ක්‍රියාව හිලව් කරගනුවස්, අනතුරුව ගෝටාබය මල්වට්ටි අතින් ගෙන පන්සල් සරණ ගිය ආකාරය (ධාතුවංශය 49-50 පිටු) විස්තර කර සිටියි.
ලක් ඉතිහාසයේ දෙවැනි ගෝටාබය
දෙවන ගෝටාබය කරලියට එන්නේ ක්‍රි.ව ක්‍රි.ව.242 දී රජ පැමිණි විජයිදු රජුගේ කාලයේදීය . රුහුනේ වාසය කළ සංඝතිස්ස, සංඝබෝධි (සිරිසඟබෝ) , ගෝඨාභය යන ලම්බකර්ණ වංශිකයන් තිදෙනා රාජ සේවයට යම්න් සිටියදී අඩි ශබ්දය ඇසුණු තිසාවැව පාමුල සිටි අන්ධ අනාවැකි කියන්නෙක් ” “ලක් පොළවට ස්වාමී වූ මේ තිදෙනා ව පොළව දරා සිටින්නේ ය.” (මේ ගිය තිදෙනාම ලංකාවේ රජ වන්නේය) “කී බව මහා වංශයේ දැක්වෙයි. එය අසා බල කාමයෙන් මත් වූ ගෝටාබය අන්ධ අනාවැකි කියන්නා වෙත යලි හැරී ගොස් වැඩි විස්තර ඇසූ බව සදහන්ය. එහිදී, අවසානයේ රජ වන්නා වැඩි කාලයක් පාලනය ගෙන යන බව කියා තිබුනි. අනාවැකිය දැඩිව සිතට ගත් ගෝටාබය මුලින්ම විජයිදු ඝාතනය කරන අයුරුත් පසුව සංගතිස්ස සහ සංගබෝධි කුමාරවරුන්ට රජවීමට දී ඔවුන් ඝාතනය කරන අයුරුත් සැලසුම් කලේය.
අනුරපුර රජවාසලට සැපත් වූ ගෝටාබය විජ්යදු රජුගේ කපටි ආරක්ෂකයා බවට පත් විය. ගෝඨාභය වසරක් යාමටත් මත්තෙන් විජයිදු රජු මරා සංඝතිස්සට රජකම ලබා දුන්නේය. වසර 4 ක් රජ කළ සංඝතිස්ස ජම්බු වලට වස දමා මරණයට පත් කලේය. මීලගට රජකම සංඝබෝධි හෙවත් සිරිසඟබෝ කුමාරයාගේ ඇගේ ගැහුවේය. දැහැමි පාලනය නිසා රටවැසියන් ඔහුට මහත් සේ ඇළුම් කළ අතර ගෝඨාභය කුමන්ත්රනකාරීව සිරිසඟබෝ රජුට එරෙහිව ජනයා කුපිත කරමින් කැරලි ගැසීමට උල්පන්දම් දුන්නේය. කැරලි නිසා සිදුවන ලේ වැගිරීම් පිලිබදව කම්පාවුනු සිරිසඟබෝ රජකම අතහැර තපස් රැකීමට වනේ වන ගත වූයේය.
සිරිසඟබෝ රජකම අතහැරීම හේතුවෙන් ගෝටාබයට රජකම ලැබිනි. සිය සැලසුම පරිදිම අවසානයේ රජ වුවද ඔහු ඉන් සෑහීමකට පත් නොවිනි. සිරිසඟබෝගේ හිස රැගෙන එන්නෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමන බව දන්වා රට පුරා අණ බෙර කරුවන් යැව්වේය. වස්තුවට කෑදර පිරිස් සිරිසගබෝගේ මුහුනට සමාන වූවන් මරා දමමින් හිස් රැගෙන ආවෝය. මේ අතර මෙම ඛේදවාචකය මගියෙකු හරහා සිරිසඟබෝගේ කන වැටුනේය .තමා නිසා සිදුවන ලේ වැගිරීමෙන් කම්පා වූ සිරිසඟබෝ මගියාට හිස දන් දුන්නේය. ගෝටාබය පිලිබද හොදින් දන්නා සිරිසඟබෝ යම් හෙයකින් මේ හිස පිලිගැනීමට ඔහු අකමැති වුව හොත් හිස අහසට විසි කරන ලෙසත් එවිට හිස අහසේ රැදෙනු ඇති බවත් මගියාට කියා සිටියේය. විසි කල හිස අහසේ රැදුනා හෝ නොරැදුනා වන්නට පිලිවන, නමුත් මහාවංශ කතුවරයා මෙවැන්නක් ලියා තිබෙන්නේ ගෝටාබයගේ කපටි කෲර වෘතාන්තය වර නැගීමට බව නිසැකය.
ලක් ඉතිහාසයේ තෙවැනි ගෝටාබය
මැදමුලන ගම ගෙදර තෙවැනි ගෝටාබය උපන්නේ 1949 ජූනි මස 20 දිනය. උසස් පෙලට පාඩම් කිරීම නිෂ්පල යයි සිතු ගෝටාබය 3 වන කැඩෙට් පාඨමාලවට අයදුම් කලේය. එය සිදුවූයේ 1970 වසරේදීය . නමුත් එම පාඨමාලවට බදවා ගත්තේ නිලධාරීන් දොලොස් දෙනෙකු වැනි සීමිත පිරිසකි , ගෝටා වැනි ලොසෙකුට කිසිම අවස්ථාවක් එහි නොවිනි. ඉගෙනීම හෝ ක්‍රීඩාව යන දෙකෙන් එකක්වත් හරියට නොකල ගෝටාබය නිකන්ම කැපී ගියේය . 1971 වසරේ ඇතිවූ ජ.වි.පෙ කැරැල්ල හේතුවෙන් හමුදාවේ පිරිස් බලය දෙගුනයකින් වැඩි කිරීමට රජය තීන්දු කලේය. ඒ අනුව 1972 වසරේ සිදුවූ 4 වැනි කැඩෙට් නිලධාරී පාඨමාලාවට නවකයන් 6o දෙනෙකු බදවා ගැනීමට තීන්දු වූයේය . එවක පැවති සිරිමාවෝගේ ආන්ඩුවේ නිලධාරීන්ට කන් කෙදිරිගා ගෝටාබය කෙසේ හෝ 4 වැනි කැඩෙට් පාඨමාලාවට රිංගා ගත්තේය.හමුදා පුහුනුව යාන්තමින් ගැටගහ ගත් ගෝටාබය රජරට රයිපල් බලකායට අනුයුක්ත වූයේය. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දාහක් දෙදාහක් සිටි කාලයේදී පවා උතුර දකුන මාරු වී සිටි ගෝටාබය 1992 වසරේදී මොලේ අමාරුවක් ඇතැයි කියා විශ්‍රාම ගත්තේය . ඒ සමගම ඇමෙරිකාවට ගිය ඔහු 2005 වසර වන තෙක් මෙහි පස් පෑගුවේ නැත.
2005 වසරේ මහින්ද ජනපති වීම නිසා ගෝටාබයට ආරක්ෂක ලේඛම් තනතුර ලැබිනි. ගෝටාබය හමුදාවට අවි ආයුධ සපයන අතර තුර මිලියන ගනනින් ගාන කැපුවේ කැබිනට් මන්ඩලයද ගොනාට අන්දවමිනි. තමාගේ හොර මැරකම් පිලිබද කතා කරන උන් අප්‍රමාදව නිවන් යැව්වේය. මාධ්‍යවේදින් සිවිල් ක්‍රියාධරයන් ඇතුලු බර ගනනකට නිවන් සැප ලැබුනි. ආයතන සංග්‍රහයේ අකුරක්වත් නොදන්නා ගෝටාබය රටේ හොදම අමත්‍යශ 7ක් පවරාගෙන සිවිල් සේවයටද අත ගැසුවේය. සිවිල් සේවයේ තරම කොතෙක්දයත් විමලේ සහ ඇඹේනියට කල ගමන් බලපත්‍ර නිකුතුව හොද උදාහරණයකි .ගෝටාබය යටතේ වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට ගමන් බලපත්‍ර දෙක බැගින් දුන්නේ බස් ටිකට් කඩනවා මෙනි. යුද හමුදා මූලස්ථානය චීන හෝටලයකට සින්නක්කරව විකුන්නේය. චීනාගෙන් ලද මුදල නව හමුදා සංකීර්ණය සෑදීමට තියා කුලී ගෙවීමටත් මදි වී ඇත.හමුදාවට අද ගෙදරත් නැත, සල්ලිත් නැත, ඉඩමත් නැත. කෙසේ වුවද හමුදා සංකීරණය කුඩු කර චීනා සැදූ හෝටලෙයේ රැස්වීමක් තියා ඊලග ජනපතිවරණයට ඉදිරිපත් වීමට කැමති බව ගෝටාබය කීවේය.
චෝරනාගගේ අඩි පාරේ යන ගෝටාබය
තමන්ට මොන තනතුරු තාන්න මාන්න හිමි වුවද සසර පුරුද්දට හොරකම් කළ, මිනී මැරූ , මං පැහැරූ දාමරිකයන්ගේ කතා අතීත රාජාවලියේද හමු වෙයි. මහාවංශයට අනුව ක්‍රි. පූර්ව 77 සිට 63 දක්වා වසර 14ක් ලංකාවේ කිරුල දැරුවේ චෝරනාග නම් රජෙකි . වලගම්බා රජුගේ පුත්‍රයෙකු වන මොහුගේ සැබෑ නම චෝරනාග නොව මහානාගය. මොහු හොරුන්ගෙත් හොරෙකි .කුමාර කාලයේ සිටම මහානාග මං පහරන අග්‍රගණ්‍ය සොරෙකු වූයේය. ඔහුගේ නම ඇසූ පමණකින්ම රටවැසියන් බියපත්ව හිස් ලූලූ අත දිව ගියේය . මහානාග රජ වුවද ඔහුගේ කලකිරියාව වෙනස් නොවින. රජ වූ පසුත් ඔහු හැසුරුනේ මහා චෞරයෙකු ලෙසය. රටවැසියන් මහානාග නමින් මුලින් ආමන්ත්‍රණය කළද පසුව ඔහුට ‘චෝරනාග’ නම පට බැදීය. මහාවංශයේ ඔහුගේ නම ලියවුනේද චෝරනාග ලෙසිනි. ගෝටාබයටද කොතරම් තනතුරු තාන්න මාන්න හිමි වුවද ඔහු හැසිරෙන්නේ දාමරිකයෙකු ලෙසිනි. චෝර නාග මෙන්ම ගෝටාබයගේ නමද ඉතිහාසයට එක්වනු ඇත්තේ රටවැසියන් පටබදින විශේෂණ පද සහිතවය.
ලියුම්කරු කීර්ති රත්නායක

