16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවීම පමණක් නෙවේ… මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතුයි

16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවීම පමණක් නෙවේ… මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතුයි
Spread the love

ආණ්ඩුවේ තනතුරු අතහරින ලද තමන්ද ඇතුළු ‘16 කණ්ඩායම’ සිදුකරමින් ඇති වැඩපිලිවෙල ගැන සෑහීමකට පත් විය නොහැනි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ 16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරිම පමණක් නොව මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතු බවත්ය.තම කණ්ඩායමට අනන්‍ය දේශපාලනයක් තිබිය යුතු බවත් එසේ නැතිනම් වෙනත් පක්‍ෂයකට බැදී එය සමග දේශපාලනය කල යුතු බවත් ඔහු කියයි.

දැනට ඒකාබද්ධ විපක්‍ෂය සමග සෘජුව සම්බන්ධ වීමට තීරණය කර ඇති බවත් ඉදිරියේදී ඔවුන් සමග වැඩ කිරිමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.