2015 ඡන්දය කරන්න මහින්ද රාජපක්ෂට චීනෙන් ඩොලර් මිලියන 7.6ක් – හිලව්වට හම්බන්තොට වරාය චීනයට!

2015 ඡන්දය කරන්න මහින්ද රාජපක්ෂට චීනෙන් ඩොලර් මිලියන 7.6ක් – හිලව්වට හම්බන්තොට වරාය චීනයට!
Spread the love

2015 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත චීනය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක් ලබා දී ඇති බව  New York Times පුවත්පත පසුගිය 25 වෙනිදා අනාවරණය කළා.

හම්බන්තොට වරායේ ඉදිකිරීම සිදු කළ China Harbour සමාගමට අයත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්  (Standard Chartered) බැංකු ගිණුමකින් මැතිවරණයට දින 10 ක පෙර ඩොලර් මිලියන 3.7 චෙක් පත් මහින්ද රාජපක්ෂගේ සමීපතමයන්ට බෙදා ඇති බවත් එම වාර්තාව දක්වනවා.

එම පුවත් පතේ දකුණු ආසියානු වාර්තාකාරියක වන Maria Abi-Habib විසින් කළ ගවේෂණාත්මක වාර්තාවක් ලෙස ඉදිරිපත් වන මෙහි සඳහන් වන්නේ දියුණු වෙමින් පවතින ලංකාව වැනි රටවල් ණය උගුල් වලට හිර කරමින් ලෝකය පුරා සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්ව ඇති චීනය දකුණු චීන මුහුදම පාලනය කළ හැකි හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දට ගැනීමේ උපායක් ලෙස මහින්ද රාජපක්ෂව උපයෝගී කර ගත් බවයි.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා ලබාදුන් පලමු ණය මුදල වු ඩොලර් මිලියන 307ක මුදල චීනයේ එක්සීම් බැංකුව (Exim Bank of China)හරහා වන අතර එම ණය මුදල ලබා ගැනිම සදහා චීන රජය ඉදිරිපත් කල ප්‍රබලම කොන්දේසියටද රාජපක්ෂල අවනත වි තිබේන බව එම වාර්තාව පෙන්ව දෙන අතර ඒ අනුව අදාළ ණය මුදල නිදහස් කිරිම සදහා චයිනා හාබර් සමාගමට (China Harbour Engineering Compan) කොන්ත්‍රාත්තුව ලබාදිමට රාජපක්ෂ රජය කටයුතු කර තිබේන බවයි එම වාර්තාව සඳහන් කරන්නේ.

මැතිවරණ කාලය තුළ එම කාලය තුල ඩොලර් 678,000 ක් ප්‍රචාරණ ටී-ෂර්ට් සහ වෙනත් ප්‍රවර්ධන ද්‍රවය මුද්‍රණය කිරීම සඳහා සහ ඩොලර් 297,000 ක මුදලක් ආධාර වෙනුවෙන් බෙදා දිමටත්, කාන්තා සාරි ඇතුළු විවිධ දෑ ජනතාවට බෙදාදිමටත් ලබා දී ඇති අතර බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක මුදලක් ගෙවා ඇති බවත් සඳහන් වේ.  මිලියන 1.7 ක මුදලක් ස්වේච්ඡා සේවකයන් හට බෙදා දිම සදහා අරලියගහ මන්දිරයට භාර දිමටද  චීන රජය කටයුතු කළ බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.