2018 ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ.
පසුගිය වසරේ දී 72 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙවර 67 වැනි ස්ථානයට පත් ව ඇති අතර, 2018 ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ සාමය අතින් දෙවැනි ස්ථානයට පත් රට ශ්‍රි ලංකාව වන අතර පළමු ස්ථානය භූතානයට හිමි වී තිබේ. ලොව වඩා සාමකාමී රට බවට පත්ව ඇත්තේ 2008 වසරේ සිට එම ස්ථානය රැකගෙන සිටින අයිස්ලන්තයයි.
නවසීලන්තය, ඔස්ට්‍රියාව, පෘතුගාලය, ඩෙන්මාර්කය, පිළිවෙලින් දර්ශකයේ මුල් ස්ථානවලට පැමිණ තිබේ.
සාමකාමී බවින් අඩුම රට බවට පත් ව ඇත්තේ සිරියාවයි.
ආර්ථික සහ සාමය පිළිබඳ ආයතන විසින් රටවල් 163ක් පාදක කරගෙන ලෝක සාම දර්ශකය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන අතර, 2018 සාම දර්ශකයට අනුව ලෝකයේ සාමකාමීත්වය 0.27කින් පහළ බැස තිබීම විශේෂත්වයක්.